News Category
From Date
To Date
Maximum Number of Result

කුමාර ජයකොඩිට වටෙන්ම චෝදනා.. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බලයට ආපු මාලිමාව මූල්‍ය වංචාවකට වැරදිකරුවෙක් වුනු අයෙක් කැබිනට් ඇමතිවරයෙක් කළේ කොහොමදැයි පෙරටුගාමීන් අසයි..

Aug 19, 2025 at 11:29 AM
|

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලද අතර එහිදී කුමාර ජයකොඩි ඇමතිවරයාට විරුද්ධව එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාව සහ ආණ්ඩුවේ දේශපාලන තීරණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ලදී.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව බරපතළ චෝදනා තියනවා කියලා කාලයක් තිස්සේ රටේ කතාවක් තිබුණා. ඒ ටෙන්ඩර් ක්‍රියාවලියේදී මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධයෙන්. කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ වැඩ කරන කාලේ ඔහුට විරුද්ධව රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවා දියත් වුණා. ඒ පරීක්ෂණයෙන් ඔහුව වරදකරු කලා වගේම තනතුරෙන් පහත දාන්නත් එවකට අධ්‍යක්ෂක මණ්ඩලය මගින් තීරණයක් ගත්තා.

දැන් මේ සියල්ල සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් රටේ මතු වෙමින් තියෙද්දි අපි බලාගෙන හිටියේ, කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? කියන එක. පහුගිය දවසක පැවති රූපවාහිණී වැඩසටහනකදි කුමාර ජයකොඩි ඇමතිවරයා පිළිගත්තා, ‘මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් තමන් වැරදි කරු වුණා’ කියලා. දැන් මේ ආණ්ඩුව බලයට ආවෙම දේශපානලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන පුරසාරම් කතන්දර ගොඩක් කියාගෙන. දූෂණ වංචා සම්බන්ධයෙන් වරදකරු වුණු හෝ එවැනි දෙයකට චෝදනා ලබපු කිසිවෙක්ට ආණ්ඩුවේ කිසිඳු තනතුරක් ලබා දෙන්නේ නෑ කියලා තමයි ඡන්දෙට කලින් කිව්වේ. එහෙම කියපු ආණ්ඩුවක් මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම ගැන අපිට තියනවා බරපතළ ප්‍රශ්නයක්.

දැන් ආණ්ඩුව තෝරමින් ඉන්නේ අමුතුම දේශපාලන පාරක්. ඒ තමයි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගනු ලබන දේශපාලන තීන්දු තීරණ කිසිවක් රටේ ජනතාවට හෙළිදරවු නොකර සිටීමේ ක්‍රමය. මේ ක්‍රමය අනුව තමයි ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකළේ. අගමැති හරිනී අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා හැබැයි ඒ වැඩපිළිවෙළ නිශ්චිතවම මෙන්න මේකයි කියලා කියන්න ඇයවත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාවයි රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි දෙක එකට කලවම් කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ මෙහෙම වැඩක්. ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා, රනිල් වික්‍රමසිංහ පොල් ගානවා. ඒ දෙක එකතු කරලා නේද ඔය සම්බෝලේ හැදුවේ කියලා ඇහුවම, ආණ්ඩුව කියනවා, “නෑනේ, අපි මේ සම්බෝලෙට දෙහි ටිකක් මිරිකුවනෙ. ඒ නිසා මේක අපි හදපු එකක්” වගේ උත්තරයක් දෙනවා. දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේම මෙවැනි විගඩම් නටන්නෑ කියන පොරොන්දුව එක්ක. අඩුම තරමින් හොරුන්ට තනතුරු දෙන්නෑ කියලා රැකගෙන හිටපු සදාචාරාත්මක කාරණය පවා ඉවර වෙනවා කුමාර ජයකොඩි ඇමතිවරයාගේ ප්‍රශ්නයෙන්. දැන් අපි තවම දන්නේ නෑ මොහුට විරුද්ධව අල්ලස් කොමිසම නිශ්චිතව නඩු පැවරුවද කියලා. මොකද මාධ්‍යවල වාර්තා වුණේ නඩු පවරන්න යනවා වගේ එකක්. කිසිදු දේශපාලන බලපෑමකට යට නොවී අල්ලස් කොමිසම මේ කාරණයේදී කටයුතු කෙරෙයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. එතනින් එහාට ගිහිල්ලා ආණ්ඩුව වහාම් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න ඕන. මොකද මෙවැනි වැඩවලින් බිඳ වැටෙන්නේ රටේ ජනතාව ආණ්ඩුව ගැන තියපු විස්වාසය.

ඊළඟ කාරණය, විශේෂයෙන් කුමාර ජයකොඩි ඇමතිවරයගේ පසුගිය කාලේ හැසිරීම දිහා බැලුවමත් අපිට ඔහු සම්බන්ධයෙන් යම් අදහසක් හදා ගන්න පුලුවන්. රනිල්ට කාංචනට සම්මත කරගන්න බැරුව හිටපු විදුලි පනත සම්මත කරලා විදුලිබල මණ්ඩලය මස් කරලා විකුණන වැඩේ අනාගතේදි කරන්න අවශ්‍ය පාර හදලා දුන්නේ මේ ඇමතිවරයා. ඒ වගේම අපි දැක්කා පසුගිය දවසක මන්නාරමේ ගිහිල්ලා ‘මන්නාරමේ එක කුරුල්ලෙක්වත් නෑ’ කියලා බොරු කිව්වෙත් ඔය කුමාර ජයකොඩිම තමයි. මේ කුමාර ජයකොඩි මන්නාරමේ යද්දි කොහොමත් කුරුල්ලෝ කොඩි වන වනා පාර දෙපැත්තේ ඉන්නෑ තමයි. මන්නාරමට එන්නේ සංචාරක පක්ෂීන්. සංචාරක පක්ෂීන් අවුරුද්දකට එන කාර්තුවක් තියනවා. එහෙම නැතුව කුමාර ජයකොඩි යන එන වෙලාවට කුරුල්ලෝ මන්නාරමට එන්නේ නෑ. එකපාරක් රටේම විදුලිය කැපිච්ච වෙලාවේ රිලවෙක් පැනලා තමයි මේක සිදු වුනේ කිව්වා. මේ ළඟදි දවසක් බාගයි භාගයි කියාගෙන ලොකු අකුරු හරඹයක් කළා. දැන් මේ කුමාර ජයකොඩි මිනිස්සු අන්දන්න ගිහිල්ලා රටටම ලොකු විහිළුවක් වෙලා තියෙන්නේ.

දැන් මෙවැනි තත්වයක් ඇතුළේ ආණ්ඩුවේ විධායක බලය ක්‍රියාත්මක කරන කැබිනට් මණ්ඩලය තුළ මොහුව තවදුරටත් තබාගැනීම බරපතළ තත්වයක්. ඒ නිසා ආණ්ඩුව මේ ගැන වහාම රටට පැහැදිලි කිරීමක් කරන්න ඕන සහ කුමාර ජයකොඩි ඇමතිවරයාව වහාම තනතුරුවලින් ඉවත් කරලා ඔහුට විරුද්ධව විධිමත් විමර්ශනයක් පැවත්විය යුතුයි. ඉතින් අපි හිතනවා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව මැදිහත් වෙයි කියලා. ”

සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින්, අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ විධිමත් කාර්ය මණ්ඩලයකින් සමන්විත ‘ගොවි සමාගම්’ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිකායරක්ෂක විද්වත් දායක සභාව පිහිටුවා ඇති අතර, එහි මහ ලේකම්වරයා ලෙස ආචාර්ය දුලිප් පලිහවඩන මහතා පත්කර තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.
අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.
යුක්‍රේනය විසින් රුසියාවේ 'නොවොරොසිස්ක්' (Novorossiysk) කළු මුහුදු වරායට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා රිය පදවන අතරතුර වීඩියෝ කැමරාවකට අදහස් දැක්වන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ සංවාදයක් ගොඩනැගී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද කිසිදු වැදගත් කරුණකට ජනාධිපතිවරයා නිසි පිළිතුරක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විදේශීය මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව මගින් එල්ල වන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින විශේෂ ජනහමුවක් සහ මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.