News Category
From Date
To Date
Maximum Number of Result

තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා වන මූලික පූර්ව කොන්දේසිය වන්නේ නව ෆැසිස්ට්වාදය මතවාදීව පරාජය කිරීමයි- දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

Aug 30, 2025 at 01:11 PM
|

 ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. ලංකා ලීඩර් නිව්ස් වෙබ් අඩවිය මෙම සැමැරුමේ ඇති වැදගත්කම සලකා පලකරනු ලබන ලිපි මාලාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක්ද එකතු කරනු ලබන්නෙමු. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ ලිඛිත සටහනයි..


ප්‍රශ්නය: දෙවන ලෝක යුද්ධය නිමාකරලීමේ 80 වන සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. ඔබ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවා තිබුණා. දෙවෙනි ලෝක යුද්ධයේදී සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ෆැසිස්ට්වාදී නාසි ජර්මන් හමුදා පැරදවීම සම්බන්ධයෙන් අපි කරුණු අසා තිබුණත් දෙවෙනි ලෝක යුද්ධය ජයග්‍රහණයට චීනයේ දායකත්වය සම්බන්ධයෙන් අප එතරම් අසා නැහැ. ඔබ මාධ්‍ය නිවේදනය මගින් මතු කළ කාරණය සම්බන්ධයෙන් අපට අදහසක් පැවසිය හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔව් ! 2025 වසර දෙවෙනි ලෝක යුද්ධයට මුල්වූ හිට්ලර්ගේ ෆැසිට්වාදී නාසි ජර්මනිය පරදා වසර 80ක් සම්පුර්ණ වන වසරයි. එය මහත් අභිමානයෙන් යුතුව වත්මන් රුසියාව සමරණු ලැබුවා. දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් වාදය පෝෂණය කළ රටවල් ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ඒවා නම් ජර්මනිය,ජපානය සහ ඉතාලියයි. පසුව රුමේනියාව, හංගේරියාව සහ බල්ගේරියාව යන රටවල්ද ඔවුන්ගේ සහයට එක් වුනා. අද රුසියාවට එරෙහිව බටහිරයන් ගෙන යන යුද්ධයේ භූමිය ලෙස භාවිත කරන  යුක්රේනයත් මේ සන්ධානයට එකතු වුනා. ජර්මනිය සහ ඉතාලිය යුරෝපයේ ආධිපත්‍ය අත්පත් කරගන්නා අතර ජපානය නැගෙනහිර ආසියාවේ ආධිපත්‍ය දැරීමට කටයුතු කරනු ලැබුවා. ජර්මනියේ නාසිවාදීන් යුදෙව්වන්ට මෙන්ම සෝවියට් රුසියානුවන් මත අමානුෂිකත්වය පතුරුවා හැරියා සේම ජපාන අධිරාජ්‍යා චීනය ප්‍රමුඛව නැගෙනහිර ආසියාවේ අති දැවැන්ත ම්ලේච්ඡත්වයක් පතුරුවා හැරියා. චීනය ඊට එරෙහිව ගොඩනැගූ ප්‍රතිරෝධය තුළ දැවැන්ත කැපකිරීම් කරනු ලැබුවා.

ප්‍රශ්නය: ඔබ දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් සන්ධානය පරදවාලීමට චීනය සෝවියට් රුසියාවට වඩා වැඩි වැඩ කොටසක් කළ බවද කියන්නට උත්සහා කරන්නේ?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : නැහැ! මේ රටවල් දෙකම දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් සන්ධානය පැරදවීම වෙනුවෙන් කළ කැපවීම කිසි සේත් එකෙක් පරයා යන්නේ නැහැ. එම රටවල් දෙකම මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම වෙනුවෙන් කළ කැපකිරීම් අසම සමයි. කිසිවෙකු හෝ එසේ සැසඳීමට උත්සහා කරනවානම් එම තැනැත්තා අදේශපාලනික පුද්ගලයෙක් ලෙසයි මා හඳුන්වන්නේ. මම කියන්නට උත්සහා කරන්න්නේ 1921 දී අධ්‍යයන කණ්ඩායමක් ලෙස එකතු වුනු චීන තරුණයන් පිරිසක් එම වකවානුවේ චීනය තුළ තිබූ දැවැන්ත අභ්‍යන්තර ගැටුම් මධ්‍යයේ ජපාන ආක්‍රමණයට මුහුණ දෙමින් දෙවන ලෝක යුද්ධය අවසන් වී අවුරුදු හතරක් වැනි කාලයක් තුළ චීන සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීම දක්වා පැමිණි ගමන සමස්ත ලෝකවාසී ජනයාගේ සාමයට ලැදි අධිරාජ්‍යවිරෝධී, සමාජවාදය කෙරෙහි නැඹුරුවක් සහිත මිනිසුන්ගේ ඉතිහාස කතාවේ වැදගත් සන්ධිස්ථානයක්. අප ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සමරන චීන ජනතාව සමඟ එක් වන්නේ එම සැමරුම තුළ තිබෙන සුවිශේෂත්වය ලෝකය අද මුහුණදී තිබෙන මේ නව තත්වයේදී අතිශය වැදගත් නිසායි.

ප්‍රශ්නය : කුමක්ද එහි ඇති වැදගත්කම?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : එහි වැදගත්කම අවබෝධ කර ගැනීමට නම් ජපන් අධිරාජ්‍යයා විසින් චීනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් මූලික වැටහීමක් ලබා ගත යුතුයි. දෙවන ලෝක යුද්ධයේ ආරම්භක දිනය ලෙස සැලකෙන්නේ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ දිනය වූ 1939 සැප්තැම්බර් 1 වනදායි. නමුත්  ඉතිහාසඥයන්ට අනුව ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කළ දිනය 1937 ජූලි මස 7 ලෙස සලකනු ලබනවා. නමුත් ජපාන අධිරාජ්‍යයා මැන්චුකුඕ රූකඩ රාජ්‍යය පිහිටුවීම සාධාරණීකරණය කිරීම සඳහා ව්‍යාජ කුමන්ත්‍රණයක් නිර්මාණය කර චීනයේ මැන්චූරියා ප්‍රදේශය ආක්‍රමණය කළ 1931 සැප්තැම්බර් 18 සත්‍ය වශයෙන්ම ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කළ දිනය ලෙස සැලකීම වඩාත් සාධරණයි. ඒ අනුව දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට වසර 7කට පෙර සිටම ෆැසිස්ට් සන්ධානයේ ප්‍රධාන සාමාජිකයෙක් චීනය ආක්‍රමණය කර තිබෙනවා. ජපාන අධිරාජ්‍යාගේ හමුදාව මිනිස්කමට නිගා දෙන හිට්ලර්ගේ ෆැසිස්ට් නාසි හමුදාව පරයා යන තරමේ අමානුෂික ක්‍රියා දාමයක් 1945 අගෝස්තු 15 වනදා කොන්දේසි විරහිතව චීනයට යටත් වන තෙක් කරගෙන යනු ලැබුවා. ඒ අනුව අපිට පෙනී යනවා දෙවන ලෝක යුද්ධයේදී චීනය මිනිස් ජීවිත වලින් ගෙවා ඇති  මිල අතිවිශාල බව. දෙවන ලෝක යුද්ධයට සෘජුවම රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක් මැදිහත් වුවා. ඉතිහාසඥයන් පවසන පරිදි මිලියන 100කට අධික ජනතාවක් මේ රටවලදී ඝාතනයට ලක් වී තිබෙනවා. එයිනුත් මිලියන 50ත් 85ත් අතර සංඛ්‍යාවක් චීන සහ එවකට සෝවියට් රුසියාවේ ජීවත් වූ සිවිල් ජනයා බව ඉතිහාසඥයන් පවසනවා. ඔබට හිතාගත හැකියි නේද මේ රටවල් දෙක දෙවන ලෝක යුද්ධයේදී මිනිස් ජීවිත වලින් ගෙවා තිබෙන මිළෙහි තරම. පසුගිය අගෝස්තු 20 වනදා ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සැමරීමට කොළඹදී පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා අනාවරණය කළේ මෙම යුද්ධයේදී මිලියන 35ක චීන ජනතාවක් සිය ජීවිත වලින් වන්දි ගෙවා ඇති බවයි. 

ප්‍රශ්නය : දෙවන ලෝක යුද්ධයේදී විශාල චීන ජනතාවක් මිය ගිය බවට ඔබ අනාවරණය කරන කරුණු සත්‍ය යැයි අපිට පිළිගැනීමට හැකියි. නමුත් අද යුද්ධය නිමවීමෙන් අවුරුදු 80 කට පසු එතරම් බරකින් යුතුව ජපාන අධිරාජ්‍යාගේ හමුදාව පලවා හැරි චීන ප්‍රති යුද්ධයේ ජයග්‍රාහී දිනය සැමරීම කළ යුත්තේ කුමන හේතුවක් නිසාද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබ ඇසූ ප්‍රශ්ණය හොඳ ප්‍රශ්නයක්. මම මෙයට පිළිතුරු දීමට අළුත් ප්‍රවේශයක් ගන්නවා. ක්‍රි.පූ. 6 වන සියවස වල ඇති වූ යුද්ධ වලදී ඇසිරියානුවන් තම සතුරා බීමට ජලය ගන්නා ළිංවලට රයි එර්ගොට් නමින් හඳුනා ගත් දිලීරයක් භාවිතයෙන් ජලය විෂ සහිත බවට පත් කළ බව යුද ඉතිහාසඥයන් ප්‍රකාශ කරනවා. ක්‍රි.පූ. 4 වන සියවසයේ ඇතිවූ යුද්ධ වලදී සිතියන් දුනුවායන් නරක් වූ මළ සිරුරුවල සහ සර්ප විෂ වල ඊතල ගිල්වා තබා භාවිතයට ගත් බව පැවසෙනවා. ක්‍රිස්තු වර්ෂ 1347 දී කැෆා හෙවත් ක්‍රිමියාව වැටලූ මොන්ගෝලියානුවන් වසංගතයෙන් ආසාදිත මළ සිරුරු විශාල කැටපෝල භාවිතයෙන් නගරය තුලට  යවා සමස්ත යුරෝපය පුරාම ”කළු මරණ ව්‍යාධිය”  පැතිරවීමට කටයුතු කළා.15 වන සහ 18 සියවස් වල යටත් විජිතකරණය අතරතුර, ස්වදේශික ඇමරිකානුවන්ට වසූරිය ආසාදිත ”බ්ලැන්කට්” ලබා දුන් බව පැවසෙන අතර එමගින් එම ජනයා අතර විනාශකාරී වසංගත තත්වයක් ඇති කරනු ලැබුවා. 19 වන සියවසේ සහ 20 වන සියවසේ මුල් භාගය තුළ විෂබීජ න්‍යාය (පාස්චර්, කොච්) පිළිබඳ වර්ධනය වන අවබෝධය ජීව විද්‍යාත්මක යුද්ධය වඩාත් විද්‍යාත්මක තලයකට ගෙන ආවා. පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය මිත්‍ර පාර්ශවය්න්ගේ පශු සම්පත් ඇන්ත්‍රැක්ස් සහ ග්ලැන්ඩර්ස් බැක්ටීරියාවන් වලින් ආසාදනය කිරීමට උත්සාහ කළ බව වාර්තා වි තිබෙනවා. නමුත් මා කියවූ ඉතිහාසය තුළ ජපාන අධිරාජ්‍යයා යටත් කරගත් චීනයේ මැන්චූරියා පලාතේ ස්ථානගත කර සිටි 731 වන ඒකකය විසින් මීට වඩා බිහිසුණු අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා. ඔවුන් චීන සිවිල් වැසියන්ට සහ යුද සිරකරුවන්ට  ඇන්ත්‍රැක්ස්, කොලරාව සහ තවත් රෝග ආසාදනය කිරීමට කටයුතු කළා. වසංගත රෝග ආසාදිත  මැක්කන් නගරවලට හෙළණු ලැබුවා. මෙවැනි මිනිස්කමට නිගා දෙන ජපාන අධිරාජ්‍යාගේ හමුදාවේ බියගුළු ක්‍රියාවන් මගින් චීන වැසියන් දස දහස් ගණනක් මිය ගියා. එවැනි දැවැන්ත යුද අපරාධ පිළිබඳව ලෝකයේ ගැඹුරු සංවාදයක් සිදුවී නැහැ.

ප්‍රශ්නය : නමුත් අප මේ ගෙවන්නේ 21 වන ශත වර්ෂයේ දෙවෙනි දශකය. ජාත්‍යන්තර නීතිය යටතේ ජීව විද්‍යාත්මක අවි තහනම් කර තිබෙනවා. මට නම් හිතෙන්නේ අද වන විට ජපාන ජනයා පවා ඔවුන්ගේ අඳුරු ඉතිහාසයට සමුදී ඇති. ඉතින් ඔබ ඇයි අමතක කළ යුතු ඉතිහාසයක් මෙතරම් හාරා අවුසන්නේ?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබ හිතාගෙන සිටින තරම් වත්මන් ලෝකය සුන්දර තැනක නැහැ. පළමු වන සහ  දෙවන ලෝක යුද්ධ ඇතිවීමට බල පෑ ආර්ථික අවපාතයන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍ය දරන රටවල අද උද්ගතව තිබෙනවා. රුසියාව , චීනය , ඉන්දියාව ,බ්‍රසීලය ,දකුණු අප්‍රිකාව නායකත්වය ගන්නා BRICS රටවල් ප්‍රමුඛව නව බල ධ්‍රැවයන් නිර්මාණය වෙමින් පවතිනවා. මෙවැනි අවස්ථාවන් පියමන් කර ගැනීමට අධිරාජ්‍යවාදීන් යුද්ධය තෝරා ගන්නවා. අද  යුක්රේන භූමියේ සිට සාමුහික බටහිරයන් දැනටමත් රුසියාවට එරෙහිව යුද්ධයක් කරගෙන යනවා. චීනය ඉලක්ක කර තීරු බදු යුද්ධයකට අමෙරිකාව පැටලී සිටිනවා. ඊළඟ ”යුක්රේනය” තායිවානය බවත් ඊළඟ ”රුසියාව” චීනය බවත් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පවසනවා. ගාසා තීරය මිනිස් ඛේදවාචකයක් බවට පත් කර තිබෙනවා. ඉරානය බිමට සමතලා කිරීමට උත්සහා කළා. වෙනිසියුලාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක යුද්ධය අවි බලය යෙදවීමක් දක්වා වර්ධනය කිරීමට අමෙරිකාව උත්සහා කරමින් සිටිනවා. කියුබාව වැනි අවිහිංසාවාදය මූලික කරගත් රටකට එරෙහිව වසර 60 කට ආසන්න කාලයක් අනවශ්‍ය සම්බාධක පනවා තිබෙනවා.වෙනිසියුලාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පලවා හැරීම අරමුණු කරගෙන කැරිබියන් මුහුදේ වෙනිසියුලාව සමීපයටම අමෙරිකානු යුද නෞකා ස්ථානගත කර තිබෙනවා.මේ මතුපිටින් පෙනෙන දෙයට අමතරව ලෝකය ප්‍රත්‍යාරම්භ කිරීමට හෙවත්    "Reset" කිරීමට කෝවිඩ් 19 වසංගතය ගෙන ආ බව අද ඔප්පු වී තිබෙනවා. 2020 වසරේ මාර්තුවේදී පැමිණි කෝවිඩ් වසංගතය පිළිබඳව බිල් ගේට්ස් අනාවැකිය පලකරන්නේ  2015 දී වගේ ඈත කාලයක. එම බලකායම නැවත පවසනවා ලෝකයේ පැවැත්ම වෙනුවෙන් අද තිබෙන ජනගහනයෙන් 50%ක් මිය යායුතු බව. ඒ වගේම අමෙරිකානු  එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් පසුගිය දවසක පැවසූවා වත්මන් සහ හිටපු බුද්ධි නිලධාරීන් 37 දෙනෙකුගේ ආරක්ෂක නිෂ්කාශන, බුද්ධි තොරතුරු හැසිරවීම සහ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ඉවත් කළ බව. ගැබාර්ඩ්ට අනුව, ඇය ගනු ලැබුවේ අමෙරිකාවේ  "inner state" හෙවත් ගැඹුරු රාජ්‍යයේ ක්‍රියාකාරීන් ඉවත් කිරීමේ පළමු පියවරයි. මෙම ලැයිස්තුවට ජාතික ආරක්ෂක ඒජන්සියේ  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිචඩ් ලෙඩෙට්, බුද්ධි හා පර්යේෂණ සඳහා හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්‍රෙට් හොල්ම්ග්‍රන් සහ එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ හි හිටපු ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටෙෆනි ඕ‘සුලිවන් ඇතුළු බුද්ධි අංශවල ඉහළ නිළතල දැරූ ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුම ඇතුළත් වුණා.  "inner state"  එක ඇමරිකාවේ බුද්ධි ආයතන තුළ සම්පූර්ණයෙන්ම “මඩිස්සල” නිර්මාණය කර තිබෙන තත්වයක් තුළ බුද්ධි අංශ පිරිසිදු කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස මෙම පිළිවෙත අනුගමනය කළ බව ඇය පැවසූවා. ඒ අනුව ලෝකය තමාගේ පවිටු වුවමනාවට හැසිරවීමට කටයුතු කරන දැවැන්ත සමාගම් ජාලය විසින් වර්ධනය වෙමින් තිබෙන යුද ආතතිය තමන්ගේ වුවමනාවන්ට අනුව හැසිරවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඉතා පැහැදිළියි ලෝකය පවතින්නේ ඔබ සිතන තැනක නොවන බව.

ප්‍රශ්නය :නමුත් වත්මන් ජපාන ජනයා අතීත ජපන් අධිරාජ්‍යයා චීනයේ කළ අපරාධ නැවත වටයකින් වෙනත් තැනක ක්‍රියාවට නංවනු ඇතැයි සැකකරන්නේ ඇයි?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : නැවත වටයකින් ක්‍රියාවට නංවනවා යැයි කීමට හදිසි වනවාට වඩා මට කියන්නට ඕනෑකම තිබෙන්නේ මීට වසර 80කට 100කට කළින් තිබුණු ෆැසිස්ට්වාදී ලක්ෂණ ඒ ආකාරයෙන්ම ජපාන සමාජයේ බලවත් පාර්ශව අතර පවතින බවයි. අධිරාජ්‍යවාදී බලවේග විසින් ජපාන සමාජයේ පමණක් නොවෙයි ලොව පුරාම ෆැසිස්ට්වාදය උත්කර්ෂයට නැංවීමට උත්සහා කරමින් සිටිනවා. අද යුක්රේනයේ පවතින්නේ එවැනිම තත්වයක්. උදාහරණයක් ලෙස භාෂාව සහ ආගම පිළිබඳ දෘෂ්ටි කෝණය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යුක්රේනයේ දී දැඩි ලෙස උල්ලංඝනය වෙමින් පවතිනවා.යුක්රේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවමත් යුක්රේන රාජ්‍යය තුළ අනෙකුත් වාර්ගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් සමඟ රුසියානු භාෂාවේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සහතික කිරීමට ප්‍රතිපාදන පවතිනවා. නමුත් සෙලෙන්ස්කි යුක්රේන රාජ්‍යයේ සහ පෞද්ගලික ජීවිතයේ මෙන්ම සෑම ක්ෂේත්‍රයකම රුසියානු භාෂාව තහනම් කරන නීති පනවා තිබෙනවා. නමුත් වත්මන් යුක්රේනයේ පාලක පංතිය වෙනුවෙන් පෙනී සිටින විවිධ රටවල දේශපාලන චරිත වන උර්සුලා වොන් ඩර් ලේන්, එමානුවෙල් මැක්‍රොන්, කීර් ස්ටාර්මර්, ෆ්‍රෙඩ්රික් මර්ස් , ඔලාෆ් ෂෝල්ස් වැන්නවුන් මෙම කරුණ නොසලකා හැර තිබෙනවා. ඒ අධිරාජ්‍යවාදී රටවල් ෆැසිස්ට්වාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ හැර ඇති ආකාරයයි.

ප්‍රශ්නය : හොඳයි ඔබට ජපානයේ ෆැසිස්ට්වාදී ප්‍රවනතා මෙලෙස මතු කර පෙන්විය හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පැහැදිලිවම ! ඔබට දැන්  මනසේ මවා ගන්නට පුළුවන්  ජපන් ආක්‍රමණය හේතුවෙන් චීන ඉතිහාසය තුළ චීන ජනයාට විශාල හානියක් සිදුවූ බව. එසේ තිබියදීත් චීනය ජපානයට  මිත්‍රත්වයේ දෑත් දිගු කර තිබෙනවා. නමුත් ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ 80 වන සංවත්සරය සැමරු අගෝස්තු 15 වනදා ජපාන රජයේ සහ ජපානයේ සමහර අන්තවාදී කොටස්වල හැසීරීම මගින් ජපන් සමාජයේ ෆැසිස්ට් නැඹුරුව ගැඹුරින් නිරූපණය කරනවා. චීන ආක්‍රමණයට සෘජුවම ආශිර්වාද සැලසූ "යසුකුනි සිද්ධස්ථානයට” ජපාන අගමැති ෂිගේරු ඉෂිබා පසුගිය අගෝස්තු 15 දා චාරිත්‍රානුකූල පූජාවක් පිරිනමා  "ඔහුගේ පක්ෂයේ ගතානුගතික ආධාරක පදනම සතුටු කිරීම අරමුණු කරගත් පියවරක් ගෙන ඇති” බව  ජපානයේ කියෝඩෝ පුවත් සේවය වාර්තා කළා. එලෙසම ජපාන ගොවිපල අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි සහ මුදල් අමාත්‍ය කට්සුනොබු කැටෝ ද යසුකුනි සිද්ධස්ථානයට එදිනම ගොස් තිබුණා. එම සිදුවීම අගමැති ඉෂිබා ජපානයේ බලයට පත්වීමෙන් පසු එසේ කළ පළමු කැබිනට් අමාත්‍යවරුන් වීමද විශේෂත්වයක්. එලෙසම හිටපු ආර්ථික සහ  ආරක්ෂක අමාත්‍යවරුන් වන සනේ ටකයිචි සහ ටකායුකි කොබයාෂි ද යසුකුනි සිද්ධස්ථානයේ සිටි බව කියෝඩෝ පුවත් සේවය වාර්තා කර තිබුණා. 

මෙම විශේෂ දිනයේදී ඒ ආකාරයට ජපානයේ පුද්ගල දේශපාලන චරිත විසින් ජපාන අධිරාජ්‍යාගේ චීන ආක්‍රමණය උත්කර්ෂයට නැංවීම සිදු කිරීමට අමතරව, ජපන් දක්ෂිණාංශික කණ්ඩායම් විශාල වශයෙන් ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කිරීම සැමරීමට  එක්රැස් වන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණා. බාධක සහ බැනර් සවි කර ඇති මෙම කණ්ඩායම්වලට අයත් වාහන මාර්ගය දෙපස නවතා තිබූ අතර, එමඟින් ශක්තිමත් මිලිටරිවාදී හැඩයක් විද්‍යාමාන වූ බව මනෝ වෛද්‍යවරු පවා පෙන්වා දෙනවා.

ඊට අමතරව පුවත්පත් වාර්තා වලට අනුව යසුකුනි සිද්ධස්ථානය අසල කුඩාන්ෂිටා දුම්රිය ස්ථානයෙන් පිටත චීන විරෝධී මත ප්‍රවර්ධනය කරන, පුවරු අල්ලාගෙන සිටිමින් ඇතැම් දක්ෂිණාංශික දේශපාලනඥයන් පැමිණෙන තෙක් බලා සිටින කණ්ඩායම් ඇතුළු දක්ෂිණාංශික ක්‍රියාකාරීන් පිරිස් අගෝස්තු 15 දා ජපානයේ සුලබ දසුනක් බවට  පත්ව තිබුණා.යසුකුනි සිද්ධස්ථානය නැරඹීමට පැමිණි කණ්ඩායම් අතර, සමහරු ජපන් ජාතිකවාදී සටන් පාඨ සහිත පුවරු අතැතිවද  තවත් සමහරු හිටපු ජපන් අධිරාජ්‍ය හමුදාවේ හෝ කමිකාසේ නියමුවන්ගේ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ඇඳ සිටීම මගින්ද ජපන් සමාජයේ ආක්‍රමනශීලී ආකල්ප ප්‍රදර්ශනය කරනු ලැබුවා. දක්ෂිණාංශික ප්‍රාදේශීය නීති සම්පාදකයින් කිහිප දෙනෙකු ද මෙම පා ගමන් වලට එක්ව තිබීම තත්වයේ බරපතල කම තවත් දැඩි කරනු ලැබුවා.

ප්‍රශ්ණය : මෙය ජපානයේ සුළුතර අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් වල මනෝ විකාරයක් ලෙස සලකා බැහර කිරීමට නොහැකි ඇයි?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පැහැදිලිවම මෙය අන්ත දක්ෂිනාංශික කුඩා කණ්ඩායමක මනෝ ව්‍යාධියක් හේතුවෙන් පැන නගින තත්වයක් නොවෙයි. ජපාන අධිරාජ්‍යාගේ 731 ඒකකය චීන භූමියේ සිට චීන ජනයාට එරෙහිව අන්ත අමානුෂික ක්‍රියාවල නිරත වූවා. ඔවුන් චීන ජනයාට එරෙහිව ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීම වෙනුවෙන් පර්යේෂණ කළ ඒකකයක්. එම ඒකකයේ සිටි සොල්දාදුවන්ගෙන් අදට ඉතිරිව සිටින එකම පුද්ග්ලයා හිඩියෝ ෂිමිසු නැමැත්තායි. 1945 මාර්තු මාසය වන විට වයස අවුරුදු 15ක් වත් සම්පූර්ණ නොවූ හිඩියෝ ෂිමිසු, ජපන් අධිරාජ්‍ය හමුදාවේ 731 ඒකකයේ අවසන් නව යොවුන් වියේ පසුවන්නන්ගෙ කණ්ඩායමෙන් කෙනෙකු ලෙස චීනයේ හාර්බින් ප්‍රදේශයේ පිහිටි ජපාන යුද කඳවුර වෙත යවනු ලැබුවා. ඔහු 2024 වර්ෂයේදී හාර්බින් කඳවුරේදී ඔහු ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් පාපෝච්චාරණය කළා. ෂිමිසුට අනුව, 1945 අගෝස්තු 12 වන දින ඔහුට නියෝග ලැබුණේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ  පසුබැසීමට පෙර 731 ඒකකයේ අපරාධ පිළිබඳ සාක්ෂි විනාශ කිරීමටයි.1945 අගෝස්තු 14 වන දින රාත්‍රිය උදාවන විට, ඔහු පරාජිත ජපන් හමුදා සමඟ චීනයෙන් පලා ගියා. 731 ඒකකයේ මාස හතරකට වැඩි කාලයක් ගත කළ කාලය තුළ, ෂිමිසු නිදර්ශක කාමරයේ කලලරූප, ළදරුවන්, මිනිස් අත් සහ විවිධ මිනිස් අවයව අඩංගු ෆෝමල්ඩිහයිඩ් පිරවූ භාජන පේළි දුටු බව පාපොච්ඡාරණය කළා.”අපි චීන වැසියන් වෙත දැවැන්ත කෲරත්වයක් මුදා හැරියා. අපි චීන මිනිසුන් පන පිටින් විච්ඡේදනය කළා.” යනුවෙන් ඔහු පැවසූවා. වසර හැත්තෑ නවයකට පසු,2024 වර්ෂයේ දී 94 හැවිරිදි වියේ පසුවූ ෂිමිසු සමාව අයැදීමට චීනයේ හාර්බින් වෙත ආපසු පැමිණියා. මෙය ඔහුගේ පළමු විදේශ සංචාරය මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනයට නැවත පැමිණිනු පළමු අවස්ථාවද වූවා. ඔහු ප්‍රසිද්ධියේ චීන ජනයාගෙන් සමාව ගනු ලැබුවා. හිඩියෝ ෂිමිසු ඇතුළු තවත් පිරිසක් එක්ව ජපන් අධිරාජ්‍යයාගේ හමුදාව චීනයේ කළ අපරාධ දැක්වෙන කෞතුගාරයක් ගොඩ නැගීමට ගත් උත්සාහය නතර කිරීමට ජපාන බලධාරින් උත්සහා කළා. අවසානයේදී බළධාරින් කෞතුකාගාරයට අවසර දුන්නේ කෞතුක භාන්ඩ වල විස්තර දැක්වෙන පුවරු රහිතව කෞතුක භාන්ඩ ප්‍රදර්ශනය කරන ලෙසයි.ෂිමිසු අවසානයේදී මෙසේ පවසනවා ”මගේ සමාව අයැදීම පමණක් ප්‍රමාණවත්ද? මම සමාව අයැදීමෙන් පමණක් සියල්ල පිරිසිදු කළ හැකිද?”. ඒ අනුව මමත්  අවධාරණය කරන්නේ එයමයි.  ලෝකයේ නැගී එන නව ෆැසිස්ට්වාදය හුදු භාවාත්මක ප්‍රකාශන වලින් පමණක් යටපත් කරන්නට බැහැ. ලෝක ජනයාගේ ගෞරවය රකින්න හැකි වන්නේ ඉතිහාසයට මුහුණ දීමෙන් පමණයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමෙන් පමණක් අනාගතය වැළඳ ගත හැකියි. අතීතය සිහිපත් කිරීමෙන් පමණක් අතීත වැරදි නැවත නැවත කිරීමෙන් වැලකී සිටිය හැකි බව අවධාරණය කරනවා. ඒ අනුව නැගී එන ෆැසිස්ට්වාදය පරාජය කිරීම අද දවසේ අප හමුවේ ත්බෙන දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබෙන අංගයක් විය යුතුයි. තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා වන මූලික පූර්ව කොන්දේසිය වන්නේ නව ෆැසිස්ට්වාදය මතවාදීව පරාජය කිරීම බව මම අවසන් වශයෙන් අවධාරණය කරනවා.

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වසන්ත බණ්ඩාර මහතා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශ ක්‍රියාකාරිකයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා. වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළ අයෙකි. ජනතා විමුක්ති පෙරමුණ යටිබිම්ගත දේශපාලනයේ නිරතවන 80 දශකයේදී ඒ මහතා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සමඟ ඉතා සමීපව ඇසුරු කළ අයෙකි.  ඕස්ට්‍රේලියානු මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (ICASL), සෞඛ්‍ය සේවා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ( Massey University NZ) තත්ත්ව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (Quality Council NZ)  සහ  පුද්ගලික කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (CPM-UK) යන පාඨමාලා ඒ මහතා හදාරා ඇත.

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.