News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරු ජනපවුරෙන් ජීනිවා යෝජනා වලට එරෙහිව අත්සන් කරනු ලබන මහජන අත්සන් ව්‍යාපාරය..

Aug 30, 2025 at 10:59 AM
|

දෙවන පරපුර ව්‍යාපාරයේ රණවිරු ජනපවුර විසින් ලබන මස 08 වන දින ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත ජිනිවා යෝජනා වලට එරෙහිව මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. 

ඒ අනුව එම වැඩසටහන් මාලාවේ ආරම්භය ලෙස 2025 අගෝස්තු 28 දින උදෑසන 10.00ට කොටා පාර කොළඹ 08 පිහිටි ඇන්.ඇම්. පෙරේරා ශාලාවේදී ආරම්භ විය.

මහජන අත්සන් ව්‍යාපාරය ආරම්භය වෙනුවෙන් පූජ්‍ය දෙහිපේ චන්ද්‍රවිමල හිම, පූජ්‍ය බළන්ගොඩ රත්නප්‍රිය හිමි, රියාද් අද්මිරාල් (හිටපු) ඩි.කේ.පි දසනායක, රියාද් අද්මිරාල් (හිටපු) සරත් වීරසේකර, මේජර් ජනරාල් චාගි ගාල්ලගේ,  මේජර් ජනරාල් සේනවඩුගේ, වෛද්‍ය වසන්ත බණ්ඩාර, යසස් ධර්මදාස මැතිතුමා, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, හිටපු රේගු අධ්‍යක්ෂ එස්. කේ. එස්. ඒ. සේනානායක. ඉංජිනේරු තාරුක කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, වෛද්‍ය සිසිර ලියනගේ, වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, චම්පා සේනානායක, නිතිඥ උපාලි ලොකුමරක්කල, අතුලු විශේෂ ආරාධිතයි සහ රණවිරැවන්ගේ ප්‍රධානත්වයේ පැවැත්විය. 

ඊට අමතරව දෙවන පරපුර පක්ෂයේ ජාතික කමිටු සාමාජිකයින්, මෙහෙයුම් කමිටු සාමාජිකයින්, දිස්ත්‍රික් සංවිධායකයින්, රණවිරැ ජනපවුරේ විධායක සභාවේ සාමාජිකයන්, රණවිරු ජනපවුරේ දිස්ත්‍රික් කමිටු සාමාජකයින් සහභාගි විය.

මෙම මහජන පෙත්සම අත්සන් තැබීම 2025.09.01 දින පිටකොටුවේදි සහ  මහනුවර, කුරුනෑගල, කළුතර, හලාවත, ගම්පහ හම්බන්තොට, රත්නපුර, අතුලු ප්‍රධාන නගරයන් හිදි මහජනයාට අත්සන් තැබිම සදහා අවශ්ථාව සලසා ඇත.

ඊට අදාල පෙත්සම පහත පරිදි වේ. 

ගරු විදේශ අමාත්‍ය,

විජිත හේරත් මැතිතුමා,

විදේශ කටයුතු අමාත්‍යාංශය,

කොළඹ 01. 

ගරු අමාත්‍යතුමනි,

මහජන පෙත්සම

රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස ඉල්ලා සිටීම

1 මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 59 සැසියෙදි අප රටේ රණවිරු දඩයම් ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9ක් අතුරින් 8වැන්න හෙවත් ඉතා බරපතළ නීතියක් වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසම පනත සම්මත කරන බවට ඔබතුමා විසින් පොරොන්දුවක් ලබා දී ඇත. 

2 එසේම සැප්තැම්බර් 8 දින ආරම්භ වන 60 වැනි සැසියට අදාළව ජනමාධ්‍ය මගින් සිදුකළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් ඔබතුමා සඳහන් කරන්නේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් මගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීම සඳහා රණවිරු දඩයම් නීතිමය රාමු 9 අතරින් අවසන් නීතිය වන ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කරන බවය. 

3 ඊට අමතරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔබතුමා තවදුරටත් සඳහන් කරන්නේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියට “මෘදු” යෝජනාවක් ඉදිරිපත් වන බවය. ඒ මඟින් ඔබතුමා සහ පසුගිය ජුලි මාසය දි අප රටට පැමිණි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වොල්ටර් ටූර්ක් සමඟ රටේ මහජනයා නොදන්නා යම් එකඟතාවයක් ඇති කරගෙන තිබෙන බව ගම්‍ය වේ.

4 ඒ අතර අගෝස්තු 4 වැනි දින ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ විසින් වෝල්ටර් ටුර්ක් මහතා වෙත යොමු කළ ලිපියකට ක්ෂණිකව පිළිතුරු ලබාදෙමින් එතුමා සඳහන් කරන්නේ 60 වැනි සැසියේ තම වාර්තාව සහ යෝජනාව මගින් ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවය. එම ප්‍රකාශය තුළ ඊට වර්තමාන රජයේ එකඟතාවයක් තිබෙන බව ද වක්‍රව සඳහන් වේ.

5 ඒ අනුව පැහැදිලි වන්නේ රජය සහ වෝල්ටර් ටූර්ක් ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග අතර ඇතිකරගන්නා එකඟතාවයකට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඊනියා මෘදු යෝජනාවක් ඉදිරිපත් වන බව සහ ඒ මගින් බෙදුම්වාදී බලවේගවල අපේක්ෂා ඉටුවන බවය. එම එකඟතාවය 2009 දී 11/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාල යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගින් හෝ 2015 දී 30/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාළ යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීම මගින් සිදුකළ හැකි බව ඉතා පැහැදිලිය.

6 ඒ සියල්ලට අමතරව මාස 6ක කාලයකයට පසුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් සඳහන් කර ඇති අතර ඒ අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ද ඒකකතාවයක් ඇති වී තිබෙන බව ඉතා සාධාරණව පිළිගත හැක. මීට පෙර 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා විසින් සමානුග්‍රහය දැක්වූ 11/1  යෝජනාවේ අඩංගු වූ ප්‍රධානම එකඟතාවය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමය. ඊට හිලව්වක් හෝ කෘතගුණ සැලකීමක් ලෙස එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට කිසිදු යුධ අපරාධ චෝදනාවක් එල්ල නොවීය. නමුත් එම එකඟතාවය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ රජයේ අසමත් වීම නිසා ඔහු බලයෙන් පහකළ යුතු බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබලයකු වූ ඇලන් කීනන් විසින් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය. 

7 එම තත්ත්වය තුළ ඉන්පසුව බලයට පත් වූ ආණ්ඩුවට 2015 දී 30/1 යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීමට සිදුවූ අතර ඒ මඟින් රණවිරු දඩයමට අදාළව ඉහත සඳහන් කළ ආකාරයට නීතිමය රාමු 9ක් සම්මත කිරීමට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා එකඟතාවය ඇති වූ අතර අද වන විට එම නීතිමය රාමු අතුරින් 7ක් සම්මත කර අවසන්ව තිබේ. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කිරීම හෙවත් බිය ගැන්වීම සඳහා 46/1 යෝජනාව මගින් යුධ අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබීය.

8 ඒ අනුව දැන් ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට ඊනියා යුද අපරාධ විමර්ශන ජාත්‍යන්තර යාන්ත්‍රණය නැමැති “කෙවිට” පෙන්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ විශ්‍රාමික සහ සේවයේ නියුක්ත උසස් ආරක්ෂක හමුදා නිලධාරීන් බිය ගැන්වීමට හැකි වී ඇත. ඔබතුමා ප්‍රමුඛ රජය රණවිරු දඩයමට අදාල අවසන් නීති දෙක සම්මත කිරීමට එකඟවීම මගින් මෘදු යෝජනාවක් අපේක්ෂා කරන්නේ එම බිය ගැන්වීමට යටත් වීම නිසා බව සැඟවිය නොහැක. එසේ බියට පත්වීම නිසා එම එකඟතාවයන් ඇතිකර ගන්නා බව උපකල්පනය කිරීම සාධාරණ වන්නේ ඒ මගින් ඇතිවන අවසාන ප්‍රතිඵලය කෙතරම් භයානකද යන්න තේරුම් ගැනීමේදීය. ආණ්ඩුව විසින් දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීම සඳහා පුනරුත්ථාපනය කළ බවට හඳුන්වන ත්‍රස්තවාදී සාමාජිකයන්ගේ කටඋත්තර යොදා ගනිමින් හිටපු නාවික හමුදාපතිවරයා සිරගත කිරීමට සැළැස්වීම වැනි ක්‍රියා සිදුකළද ඒ මගින් අපේක්ෂීත සහනය නොලැබෙන බව ඉතා කෙටි කළකින් ඔබ තුමන්ලාට වැටහෙනු ඇත. 

9 එසේ අනාගතයේදී ආණ්ඩුවට ඉතා බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන ආකාරයට ඊනියා මෘදු යෝජනාවට එකඟවීම හෙවත් කැමැත්තෙන් මර උගුලට පය තැබුවද ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ඉතා පැහැදිලිය. ඊට හේතුව ඊනියා ජාත්‍යන්තර යාන්ත්‍රණ කෙවිට යොදා ගනිමින් ආණ්ඩුවේ පමණක් නොව සමස්ත රාජ්‍යයේ සහ රණවිරුවන් ප්‍රමුඛ පොදු ජනතාවගේ ගෙල සිරවන තෙක් සියලු කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුවට බල කෙරෙන බවට කිසිදු සැකයක් නොමැති වීමය. 

10 එම නිසා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා සිදුකරන බලපෑම්වලට යටත් වී බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා පාර කැපීමට ඉදිරිපත් නොවන ලෙස රණවිරු ප්‍රජාව ලෙස අප ඔබතුමාගෙන් දැඩි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර ඒ වෙනුවට පහත සඳහන් පියවර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.

I. සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීමට අදාළව රණවිරුවන් පාවාදෙන සහ රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩ සලසන සත්‍ය සෙවීමේ කොමිසම් පනත සම්මත නොකිරීම (රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පවා අදාළ පනත කැසට් කළ ද එය සම්මත කරන බවට පොරොන්දුවක් ලබාදීමට හෝ සම්මත කිරීමට දිරිමත් වූයේ නැත)

ii. මීට පෙර කිසිදු රාජ්‍යයක් එකඟ නොවූ ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කිරීම මගින් ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ වෙනත් රටවල අභිචෝධකයින් සමඟ සම්බන්ධීකරණය දිරිමත් කිරීම සහ දේශීය සහ විදේශීය වශයෙන් ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීමේ මහා පාපකර්මයට දායක නොවීම.

iii. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්ම කිරීමට එකඟ නොවීම හෙවත් මීට පෙර ජනාධිපතිවරුන් 8 දෙනකු විසින් නොකළ වරද සිදුකිරීමට ඉදිරිපත් නොවීම.

iv. කිසිදු ලෙසකින් අනාගතයේදී ආපසු හැරවිය නොහැකි එම බරපතළ වැරදි හෙවත් පාවාදීම සිදුකිරීම හෙවත් යටත්වීම වෙනුවට ඊනියා ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බව සහ ශ්‍රී ලංකකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ නොකළ බව ඔප්පු කිරීම සඳහා පවතින ප්‍රබල නීතිමය සහ කරුණුමය සාක්ෂි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ඉදිරිපත් කිරීම.























සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.