News Category
From Date
To Date
Maximum Number of Result

දිවයිනට පැමිණ ඇති "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෙන්ම පක්ෂය අභ්‍යන්තරයේ ද අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

නැ‍ගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බවත්, එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසීය.

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි .


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.