බන්ධනාගාර බසයට ක්ලේමෝ බෝම්බයක් ගසා හරක් කටා මරා දැමීමේ සැලසුමක් හෙළිවෙයි..
පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිට ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
මේ බව අනාවරණය වී ඇත්තේ කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල ප්‍රබලතම අවි ආයුධ විකිණු බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුගේ ප්‍රශ්න කිරීමේදීය. සැකකාර ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කොමාන්ඩෝ සලින්ත අවස්ථා ගණනාවකදී තමන්ට දුරකථනයෙන් කතා කර ක්ලේමෝ බෝම්බ දෙක්ක ඉල්ලා කරදර කළ බවයි. එහෙත් විමර්ශන නිලධාරීන් සැක කරන්නේ සැකකාර ලුතිනන් කර්නල්වරයා ක්ලේමෝ බෝම්බ දෙකක් කොමාන්ඩෝ සලින්තට ලබාදෙන්නට ඇති බවයි.
මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන ගොස් හරක් කටා ඝාතනය කළ සැලසුම ව්‍යාර්ථ වූවොත් ඊළඟ ප්‍රහාරක සැලසුම ලෙස මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සූදානමින් සිට ඇත.
හරක් කටා රැගත් බන්ධනාගාර බස් රථය අලුත්කඩේ අධිකරණය වෙත එද්දී අධිකරණය ආසන්නයේ මාර්ගයක යතුරුපැදියක ක්ලේමෝ බෝම්බය සඟවා එය දුරස්ථ පාලකයක් යොදාගෙන පුපුරුවා හැරීම මෙම පාතාල කල්ලියේ සැලසුම වන්න ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් වැළකී ගිය බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මාධ්‍යවේදියකුගේ වෙස් ගෙන කැමරාවක් තුළ පිස්තෝලයක් සවිකර එය ක්‍රියාත්මක කර හරක් කටා මරා දැමීමට කළ සැලසුම මීට පෙර අනාවරණය විය.
එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා සහ ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ පිස්තෝලය මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමගම හරක් කටා ඝාතනය කළ එම සැලසුම නතර කර ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ කැමරාව ද ගිනි තබා විනාශ කිරීමට එහි මෙහෙයුම්කරු කටයුතු කර තිබිණි.
කොමාන්ඩෝ සලින්තට අවි ආයුධ විකිණු බව කියන ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
- හේමන්ත රන්දුණු
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..