කහටගහ පතලට පුද්ගලික ආයෝජන කැඳවයි..
කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි.
පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ යටතේ හඳුනාගනු ලබන ආයෝජකයෙකු මඟින් කහටගහ පතලේ මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවට 2023‑12‑11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත.
එම පතලේ පවතින මිනිරන් සංචිතය පිළිබඳව නිශ්චය කිරීම සඳහා දේශීය වශයෙන් පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එළඹ ඇති 2023‑12‑11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර, කහටගහ පතලේ මිනිරන්වල අයිතිය එම සමාගම සතුවම පවත්වා ගනිමින් හා දැනට එම පතලේ සේවය කරනු ලබන සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් කහටගහ පතලේ මිනිරන් සංචිතය ගවේශනය කිරීම, එම පතලේ මිනිරන් කැනීම්, සැකසුම් හා මිනිරන් සඳහා අගය එකතු කිරීම යන සමස්ත ව්‍යාපෘතියම රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..