News Category
From Date
To Date
Maximum Number of Result

මට කෝටි 27ක් වත්කම් තියෙන්නේ ව්‍යාපාර වලින් දියුණු වෙලයි.. පරම්පරාවෙන් ලැබිච්ච ඒවයි..

Sep 16, 2025 at 11:31 AM
|

වත්කම් බැරකම් ප්‍රකාශනවල තම වත්කම රුපියල් මිලියන 275 ක් ලෙස සඳහන් කර ඇති බවත් ඒ තමන්ට පරම්පරාවෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩි දියුණුවට පත් කළ ඒවා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමිනි.

"වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපෙ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් – සමහරු හිතන් ඉන්නවා මෙ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා,

ඒ වගේම මම 1997 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම ටන් ගත්තාම මම කැළණිය විශ්වවිද්යාලයට එනවා, ඇවිල්ලා ටික දවසක් යනවා, ඒත් මම ක්ලාස් කරමින් යනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ පටන් ගත්තාට පස්සෙ මට ක්ලාස් කරන්න බැරිවෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපෙ තඹුත්තේගම ටවුමෙ තියෙනවා ඉඩමක්. මේ ඉඩමෙ අපි පොල්කොට ගහලා, මගෙ විශ්වවිද්‍යාලෙ යාළුවො ආවා මුලින්ම, පටන් ගන්නකොට අපි පොල් කොටන් උඩ බංකු ගහලා එහෙම තමයි ක්ලාස් එක පටන් ගත්තෙ. ඒ ඉතිහාසය දැන් අවුරුදු 28කට වැඩියි. එතැන් සිට පොල් අතු වහලෙ ගැහුවා, තහඩු වහලෙ ගැහුවා, මම කොන්ක්‍රීට්වලට මේක ගියා, දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාලම බිල්ඩින්වලින් එකක්. දැන් මම ඒක කුලියට දීලා තියෙන්නෙ. විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු මේ ඔක්කොම. දැන් තඹුත්තේගම ටවුමෙ මේ හරියෙ පර්චස් එකක් ලක්ෂ 30කට විතර යන්නෙ. මේ ඉඩම අපෙ පරම්පරාවෙන් අපිට හිමිවෙච්ච ඉඩමක්. මෙතන පර්චස් 40ක විතර කෑල්ලක් තියෙනවා, කෑලි දෙකක් තියෙන්නෙ. අපිට අක්කර බාගයක් හම්බවෙච්ච එකක් දෙපැත්තෙන්ම දේශපාලන බලය පාවිච්චි කරලා විවිධ අය අල්ලාගත්තා. අපි තඹුත්තේගම ටවුමෙ පරණ අය. අපි ටවුන් එකේ ප්‍රධාන පුරවැසියෝ කිව්වොත් හරි. ඔය ඉඩම් එහෙම විශාල ප්‍රමාණයක් තිබුණා, ඔව්වායෙ ඉස්සර එහෙම වටිනාකම් තිබුනෙ නෑ. මේ ඉඩම මම ඩිවලොප් කරන් ආවා. මේකෙන් එන ආදායමත් එක්ක මම මේකත් හදහදා යනවා.

තට්ටු තුනේ වාණිජ ගොඩනැගිල්ල කියන්නෙ ඔය ක්ලාස් එක. මේක මේ දැන් නෙවෙයි ඡන්දෙට කලිනුත් ගැහුවා ඕක දාලා. දැන් අහපු එක හොඳයි, මම ඇමතිවරයා අවුරුදු පහකින් මගෙන් කවුරුහරි ඇහුවොත් මේවා හැදුවෙ කොහොමද කියලා ? ඔන්න මම දැන්ම කියලා තියෙනවා. මොකද මේවායෙ වටිනාකම වැඩිවෙනවානෙ. මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නෑ. මේකෙ වහලවල් තියෙනවා වර්ග අඩි 7500ක් විතර වැඩියි. සෝලාර් දෙකක් තියෙනවා. තවත් සෝලා එකක් තියෙනවා ඒක දැන් මාස පහකට වැඩියි ගහලා ඒක තවම කනෙක්ට් කරගන්න බැරිවුණා. ඒක හදපු කොම්පැනියට මම තවම ගෙවලාත් නෑ. මේවා මේ අහම්බෙන් එක දවසෙන් ආපු ඒවා නෙවෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපෙ මහගෙදර ළඟ තියෙන බිල්ඩින් එක. තඹුත්තේගම ටවුම මැද ඒක තියෙන්නෙ. ඒකට RDB එකෙන් ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තෙ. පස්සෙ ව්‍යපාරිකයෙක් ඒක ගත්තා. පස්සෙ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු හතරකට ඒක ගැහුවා. මේක මේ හුදකලාව ආපු ගමනක් නෙවෙයි. ටිකෙන් ටික ආවා. අද ඒ බිල්ඩින් එකේ ඒවායෙ වටිනාකම තමයි මිලියන 225ක්, ඔව්. අවුරුදු 4කට විතර කලින් ඔය තඹුත්තේගම ක්ලාස් තියෙන ඉඩම මගෙන් මිලියන 100කට ඉල්ලුවා, අපි ටවුන් එකේ පරණ ගම්කාරයො නිසාම ඒවාටත් වටිනාකම් තිබුණා. නමුත් මම දුන්නෙ නෑ, අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒක මම කුලියට දීලා තියෙන්නෙ, කුලී ආදායම එන්නෙ ඒක තමයි”

“ඔව්, ඉතාම පැහැදිලියි. මේවා සියල්ලම මම මගේ වත්කම් – බැරකම් ලේඛනයේ දාලා සීල් කරලා දීපුවා. මේවා මට ආපහු වෙනස් කරන්න බැහැනෙ. අපි ඇත්ත කියලා තියනවා සමාජයට. මම සාමාන්‍යයෙන් පොඩි කාලෙ ඉඳන් බිස්නස් කරපු කෙනෙක්. මම උසස් පෙළ පන්තියට එනකොත් අපි සාමාන්‍යයෙන් කෝච්චිවල බිස්නස් කළා ඒකාලෙ. මම මහපොළවෙ හිටන් ඉඳපුඉ මිනිහෙක්. මම ගොවිතැන් නම් ගොවිතැනුත් කරනවා. දෑතෙ රස්සාව. අපිට කඩ තියෙනවා ටවුන් එකේ. මම ඒ කඩවල කුස්සියෙ ඉඳන් ෆ්‍රන්ට් එක දක්වා ඕනෙ රස්සාවක් දන්න කෙනෙක්. මේ ගමන ඇතුළෙ මම අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළා. මම දැනුත් ගොවිතැන් කරනවා. මට දැන් ටිකක් අමාරුයි, මාස හය හතකට කලින් මම ගොවිතැන් ඔක්කොම නැවැත්තුවා. යන්න එන්න වෙලාවක් නැති නිසා. ඕවා විතරක් නෙවෙයි, කොටස් වෙළඳපොල ඇතුළෙ මම ගනුදෙනු කරලා තියෙනවා. ක්‍රිප්ටො කරන්සි, අර මේ කොවිඩ් කාලෙ ගෙදරනෙ හිටියෙ. ඒ කාලෙ අහුවෙච්ච එකක් ක්‍රිප්ටො. මගෙ පුතා ටිකක් ටෙක්නොලොජි දන්න කෙනෙක්, එයා තමයි ඔය ගිණුම හැදුවෙ. එයාගෙ තමයි දැනුත් ඕවා අයිතිය තියෙන්නෙ. ඒ නිසා මම විවිධ ක්ෂේත්‍ර අතපත ගාපු මිනිහෙක්. මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මම ආපු ගමන ඇතුළෙ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා.

හැබැයි මම රටට කියන්න ඕනෙ කිසිදු මහජන මුදලක්, ජනතාවට අයිති එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නෑ මම. මගේ හෘදසාක්ෂිය අනුව මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. මගෙ වත්කම් බැරකම් ප්‍රකාශය මම දීලා තියෙනවා. ඔතන තියෙනවා ගෙයක්, ඒ මගේ බිරිඳගේ ගෙදර. රත්තරන් බඩුවල වටිනාකම දීලා තියෙනවා. මම විවාහ වෙන්නෙ 2006. බත්තරමුල්ලෙ ප්‍රායිවට් බැංකුවක ම හත් අට වතාවක් ඔය රත්තරන් බඩු තියලා තියෙනවා මගෙ විවිධ වැඩවලට. මේකෙ හංගන්න දෙයක් නෑ. ඕවා 2006 ඉඳන් ගත්තු ඒවා, වටිනාකම හැදෙන්නෙ දැන් අදටනෙ. බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නාගෙ මඟුල් මුදු දෙක, චේන් එක, මේ ඔක්කොම තියෙනවා. මම පවුමක් 2006 දී ගත්තෙ රුපියල් 6500 ට. දැන් පවුම රුපියල් ලක්ෂ තුනක්. වටිනාකම ඒවායෙ වැඩිවෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි. ඔය ඉඩමෙ වටිනාකමත් ඉදිරියේදී වැඩිවෙයි. ඒවා මගෙන් පස්සෙ මගෙ දරුවාට. කියන්න පුළුවන් නිසානෙ මම මේවා කියලා තියෙන්නෙ, හංගලා නෑ”

සම්බන්ධිත පුවත් | Related News

සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.