News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා අද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇත.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එරට ක්‍රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇතැයි වාර්තා වේ.

දිවුලපතාන ගම්මානයට හා එම ප්‍රදේශයට යන සාමාන්‍ය ජනතාවගේ ගමනට බාධාකරමින් ආරක්ෂක අංශ විසින් කටයුතු කිරීම පිළිබඳව මේ වන විට රටේ ජනතාව තුළ දැඩි අප්‍රසාධයක් පළ වී තිබේ.

දිවයිනට පැමිණි "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පළාත් සභා ගොඩනගනු ලැබූවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස වුවද පළාත් සභා මගින් ජාතික ගැටලුවට විසඳුම් නොලැබුණ බවත්, උතුරේ පළාත් සභා ක්‍රියාත්මක වුයේ වසර පහක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ව්‍යාපාරික සුභාෂ්කරන් අලිරාජාගේ හිමිකාරීත්වය දරන ලයිකා මොබයිල් ප‍්‍රංශ සමාගමේ ප්‍රධානීන් කිහිප දෙනෙකු මුල්‍ය විශුද්ධිකරණ හා බදු වංචා චෝදනා යටතේ ප‍්‍රශ අධිකරණය විසින් දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.