දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා දේශපාලනය ගණිකා වෘත්තියේ යෙදවීම භයානකයි - විදේශගත ශ්‍රී ලාංකිකයෝ..
විදේශගතව පදිංචි වී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද බලය දීම ගැන සිය දහස් වාරයක් සිතා බැලිය යුතු බවත්, ජනාධිපතිවරණයකදි සහ පාර්ලිමේන්තු මැතිවරණයකදි අනිවාර්යයෙන් දෙමළ ඩයස්පෝරාවේ බලපෑම දැඩි ලෙස එල්ල වන බවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.
විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයකු මේ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් පහළින් දක්වා තිබේ.
ඡන්ද බලය දීමට පෙර ,,,
මේ විදේශගතව පදිංචි වී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද බලය දීම ගැන සිය දහස් වාරයක් සිතා බැලිය යුතුය .
ලෝකයේ අපේ රට සුවිශේෂ රටක්. ඇයි මම එහෙම කියන්නේ. වසර 50 කට වඩා රට දෙකට කඩා වෙන් කර ගන්න ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් සටන් වැදුණු බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ඉන්න රටක්. යුද්ධය නිමා උනත් බෙදුම්වාදීන්ගේ ඊලාම් සිහිනය ඉවත් වෙලා නැහැ.
ශ්‍රී ලංකාවෙන් එපිට දෙමළ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගානක් විදේශගතව පදිංචි වී සිටිනවා.
ජනාධිපතිවරණයකදි සහ පාර්ලිමේන්තු මැතිවරණයකදි අනිවාර්යයෙන් දෙමළ ඩයස්පෝරාව මේ දෙමළ ජනතාවට බලපෑම් කරනවා උතුරු නැගෙනහිර සහ මුලු ලංකාවෙම ඡන්දය ඉල්ලන ඔහුන්ගේ අයට ඡන්දය දෙන්න කියා ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරණයකදි ඔහුන්ට හිතවත් දමිළ ජනාධිපති අපේක්ෂකයෙක් අනිවාර්යයෙන් ඉදිරිපත් කරනවා.
එහෙම අපේ ශ්‍රී ලාංකික සිංහල ජනතාව පක්ෂ වශ්‍යෙන් හෝ පුද්ගල වශයෙන් බෙදිලා ඉල්ලනවා. අපේ ශ්‍රී ලාංකික චන්ද බෙදි යනවා එහෙම උනාම ලක්ෂ ගනන් විදේශගතව පදිංචි දෙමළ පුරවැසියන් ඊලාම් රාජ්‍යය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ඔහුන්ගේ ජනාධිපති අපේක්ෂකට උතුරු නැගෙනහිර සහ ශ්‍රී ලංකාවේම විසිරි සිටින සහ ලෝකයේ විසිරි සිටින සියලුම දෙමළ චන්ද වැටෙනවා .දකුණේ ඡන්ද බෙදෙනවා .
එහෙම උනාම මොකද වෙන්නෙ. මෙතෙක් කලින් ඔහුන්ගේ ඊලාම් සිහිනය සැබෑ වෙනවා නේද?.
එදට බෙදුම්වාදය ජයග්‍රහණය වෙන එක නවත්තන්න බැහැ. ව්‍යවස්ථාවෙන්ම ඊලම වෙන් කරවා ගන්නවා. අදට වඩා රටේ ප්‍රශ්න ඇතිවෙනවා. අන්න ඕක නිසා තමයි පුද්ගලිකව මම අකමැති. මගේ මතය තමයි සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලුම පුරවැසියන්ට සමානත්වකතාවය පදනම් කරගෙන ව්‍යවස්ථාවක් සකසා ඒ තුලින් පිලි ගැනීම තමයි කල යුත්තේ.
ලෝකයේ අපේ වගේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ඉන්න රටක් නැහැ. එහෙම තිබුනත් ඒ රටවල හයිබ්‍රීඩ් ඡන්ද බලයක් නැත. එහෙම රටක් ලෝකයේ තියනවා නම්, ලියන්න බොහොම ස්තුති .
වජිර කමල් සමරක්කොඩි
එංගලන්තයේ ලංඩන් සිට
16 සැප්තැම්බර් 2025.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..