News Category
From Date
To Date
Maximum Number of Result

බැරි වෙලාවත් ජනාධිපති අරමුදල යටතේ කිසියම් කෙනෙකුට ලබාදී තිබුන ආධාරයක් ඔහුට හෝ ඇයට ලබා දීම සුදුසු නැත හෝ අනවශ්‍ය ලෙස සළකා එය නැවත රජයට ගෙවන ලෙස පත්වෙන විධායක ජනාධිපතිට අණක් හෝ නියෝගයක් දීමට හැකියාව තිබුනේ නැත්තේ ජනාධිපති අරමුදල සම්බන්ධව හොද වෙලාවටය.

හැමදාම මම ලියන දේවලට එබිකම් කරන බිරිඳ මේ ආමන්ත්‍රණය දැකල ඇහුව මැයි 19වැනිදට පස්සෙත් ඔයැයිට එයැයි ප්‍රියද කියල.මම කිව්වා ඇයි හලෝ හැටඅට ලක්ෂෙකට (සොරි,හැටඅට ලක්ෂෙ අඩුකිරීම විසිතුන් ලක්ෂෙකට )ප්‍රිය කෙනාව මටත් ප්‍රිය වුණාම මොකද කියල.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ දේශපාලන සංවාදය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් අද (26) රාත්‍රී 10.30 ට හිරු රූපවාහිනි නාලිකාවේ 'සලකුණ' වැඩසටහන ඔස්සේ විකාශය වේ.

දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

රණවිරු දිනයට පසුදා ජනාධිපතිතුමාගෙ නිල ෆේස්බුක් ගිණුමෙ "සෙබළු " කියලා කීප සැරයක්ම රණවිරුවන්ව ආමන්ත්‍රනය කරනවා..

රජෙක් වගේ ගෙදර යන්න හිටිය මහින්ද අයියා හොරෙක් වෙලා ගෙදර ගිය බව ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් පැවසූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් ඉතා නොසැලකිලිමත්ව සහ අසංවේදී ලෙස ධනය රැස්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියලා කියනවා. ඔව් ලැබුණා තමයි. හැබැයි අපට 1948 සුද්දාගෙන් ලැබුණේ නාමික මට්ටමේ එහෙමත් නැත්නම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්.

හිටපු හමුදාපති ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිරගත කරන ලද්දේ ඔහු සිදුකළ බරපතළ වරදක් හේතුවෙන් මිස මහින්ද රාජපක්ෂගේ බලපෑමක් අනුව නොවන බව මහින්ද පතිරණ මහතා අන්තර්ජාලයේ වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අගමැති හරිනිගේ ඇතැම් ක්‍රියාවන් සහ ප්‍රකාශ හමුවේ ජාතික චරිත ලෙස මෙරට තුළ ස්මතුවන ජනාධිපති චරිතය සහ අගමැති චරිතය කෙලෙසී යන බවත්, බටහිර රටවල පවා නායකයන් තමන්ගේ පදවියට ගැලපෙන ලෙස අදින ඇඳුම පැලදුමේ සිට එම පදවියේ ගෞරවය ආරක්ෂා කරගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.