දකුණු ආසියානු චීන අධ්‍යයන විශේෂඥයින්ගේ දෙවන සමුළුව හෙවත් චීන - ශ්‍රී ලංකා ශිෂ්ටාචාර පිළිබඳ විද්වතුන්ගේ සංවාදය සාර්ථකව පැවැත්වෙයි..
දකුණු ආසියානු චීන අධ්‍යයන විශේෂඥයින්ගේ දෙවන සමුළුව හෙවත් චීන - ශ්‍රී ලංකා ශිෂ්ටාචාර පිළිබඳ විද්වතුන්ගේ සංවාදය (The Second South Asian Conference of Sinologists and the China-Sri Lanka Scholars Civilization Dialogue) සාර්ථකව අවසන් වී තිබේ.
ජුනි 12 සහ 13 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහ කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවති මේ සම්මන්ත්‍රණය මගින් ශාස්ත්‍රීය හා සංස්කෘතික වශයෙන් දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරන්නක් විය.
මෙම අවස්ථාවට චීන විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, පර්යේෂකයන් සහ තානාපතිවරුන් ඇතුලුව ප්‍රභූහු රැසක් සහභාගී වූහ. ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ ප්‍රධානි ස්වෙන් චුවෙන් ලන් මැතිනිය, බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජාඕ ගාන් මහතා, බීජිං භාෂා හා සංස්කෘතික විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩුවන් පෙන් මහතා, සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ක්වි චෙන්හොං මහතා ඒ අතර විශේෂ විය.
චීනය, නේපාලය, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් විද්වතුන් 30 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන දේශන සහ පර්යේෂණ සංවාද මඟින් කලාපීය සංවර්ධනයට අදාළ ගැටලු සාකච්ඡා කළ අතර, සයිනොලොජි පර්යේෂණවල ශාස්ත්‍රීය අධ්‍යයන අවබෝධයන් හුවමාරු කර ගැනීමට මෙය අවස්ථාවක් විය.
මෙම සමුළුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය. ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මැතිනිය ඇතුලු පාලන අධිකාරියේ පිරිසක් ද එක්වී ඇත.
එමෙන්ම උපකුලපතිතුමිය නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ විද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදත් ආර්. ඩී. කාලිංග මුදලි මහතා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්.ගුණතිලක මහතා සහ මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්‍ය සුදත් සෙනරත් මහතා ද එක්ව තිබේ.
ලෝක සයිනොලොජි මධ්‍යස්ථානය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා-චීන සහයෝගිතා සංගමය සහ නූතන භාෂා අධ්‍යයන අංශයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ මෙම සමුළුව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා-චීන සහයෝගිතා සංගමයේ උපසභාපති මහාචාර්ය මා චුන් වූ මහතා, සංගමයේ උප ලේකම් ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා, සංගමයේ භාණ්ඩාගාරික ලීලාරත්න මහතා, ශ්‍රී ලංකා-චීන සහයෝගිතා සංගමයේ ජාතික සංවිධායක ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය මංගල පැස්කුවල් මහතා සහ නූතන භාෂා අධ්‍යයනාංශයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කුමාරි ප්‍රියංකා ජයසූරිය මැණිකේ මහත්මියද එක්ව තිබේ.







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..