News Category
From Date
To Date
Maximum Number of Result

දැනගෙන හෝ නොදැනගෙන ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතෙන් 308 අ (ආ_ වගන්තිය යටතේ අර්ථ නිරූපනය පුළුල් වැඩි බවත්, ළමයෙකුගේ යහපත වෙනුවෙන් ලබාදෙනු ලබන අවවාද පවා ඇතැම්විට අවමානයක් ලෙස සලකා කටයුතු කිරීමෙන් ගුරුවරුන් දැඩි අපහසුතාවකට පත් විය හැකි බව ළමා හිංසනය වැළැක්වීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ ලේකම්වරයා ලෙස වැඩ කර ඇති අයෙකු බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේදී අද (26) උණුසුම් සංවාදයක් ඇති විය.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරය සැමරීමට අප හා එක්වීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තූතියි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, සියලුම සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීමට, චීන සහ චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව දිගු කලක් තිස්සේ සැලකිලිමත් වෙමින් සහ සහයෝගය දක්වන සියලුම අංශවල මිතුරන්ට හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට සහ චීනයේ සහ ශ්‍රී ලංකාවේ අපගේ සගයන්ට උත්සවාකාර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නීති අංශයේ සමාජිකයකු ලෙස සිටියදී තමන් කැඳවූ නීති කමිටුවේ සිටි එක් සාමාජිකයෙක් වූයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක බව නන්දන ගුණතිලක මහතා පවසයි.

රාජ්‍ය සේවාවක් ලෙස පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු අද වන විට පෞද්ගලීකරණය කර ව්‍යාපාරයක් බවට පත් කිරීමට පනතක් සාදා අවසන්ව ඇති බවත්, මෙම පනත 2024 අංක 36 දරණ විදුලි බල පනත බවත්, විදුලි බල මණ්ඩල පනත අවසන් බවත් ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු සමින්ද ගමගේ මහතා පවසයි.

රට තුළ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමට වෙහෙසෙන විදේශීය මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කාක්කියක් ලෙස චෝදනාවට පාත්‍රවී සිටින රොසානා කල්දේරා නමැති කාන්තාව විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කරන්නේ සංචාරක වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන පිරිස් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිමත් කිරීමට ක්‍රියාකරන බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි.

වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් නොකර සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT ක්‍රමය) 2025.10.01දා සිට අහෝසි කිරීමේ රජයේ තීරණය නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්ත රැසක් බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් රැසක නියෝජිතයෝ ඊයේ (25දා) උදේ මාධ්‍ය හමුවකදී රජයට අනතුරු ඇඟවූහ.


ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.