නකල්ස් මැදින් පාරක් එපා! - වහා මැදිහත් වන්නැයි පරිසර යුක්ති කේන්ද්‍රය යුනෙස්කෝවට ලියයි
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මතභේදාත්මක හා නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් යුනෙස්කෝ මහ ලේකම්වරයා වෙත ලිපියක් භාර දී ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතාගේ අත්සනින් ලබාදී ඇති මෙම ලිපිය යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික කොමිසම වෙත භාර දී තිබේ.
එම ලිපිය මගින් පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් සහ සුවිශේෂී ජෛව විවිධත්ව උරුමයක් ඇති නකල්ස් කඳුකර වනාන්තරය ලෝක උරුමයක් බවට පත්කර ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බැවින් යෝජිත මාර්ග ව්‍යාපෘතිය මගින් තංගප්පුවේ සිට කෝබට්ස්ගැප් දක්වා කිලෝමීටර් 8ක් දුරට වනාන්තරය තුළින් තනන මාර්ගය එම වටිනාකම් බිඳහෙලනු ඇති බවයි.
වන ආඥා පනත යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය බවට ද ප්‍රකාශිත නකල්ස් වනාන්තරය තුළින් මාර්ගයක් ඉදිකිරීම පැහැදිලිවම එම පනත උල්ලංඝනය කරන නීති විරෝධී කටයුත්තක් බවද එමගින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
මෙවන් නීති විරෝධී කටයුත්තකට සහාය දැක්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් සම්බන්ධවීම ශ්‍රී ලංකාවේ උරුමයන්හි පාලනය, වගවීම සහ දිගුකාලීන ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලු මතු කරන හෙයින් තත්ත්වය පිළිබඳව හදිසි සමාලෝචනයක් කිරීම සඳහා යුනෙස්කෝවේ මැදිහත්වීමක් සිදුකරන ලෙස ද ලිපිය මගින් යුනෙස්කෝ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි