News Category
From Date
To Date
Maximum Number of Result

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඊයේ (23) සවස මධ්‍යම ඔස්ලෝ ප්‍රදේශය කම්පා කළ පිපිරීමක් පිළිබඳව නෝර්වීජියානු පොලිසිය විමර්ශනය කරමින් සිටින අතරතුර අතිරේක පුපුරණ ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව නොර්වේ රාජ්‍යයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බැස්සවිය හැකි පළමු විද්‍යුත් චුම්භක කැටපෝල්ට් සහිත නෞකාව වන ෆුජියන් නෞකාව J-15K බර ප්‍රහාරක ජෙට් යානය , J-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානය සහ KJ-600 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානය සඳහා පළමු කැටපෝල්ට් ආධාරයෙන් ගුවන්ගත කිරීම සහ අත්අඩංගුවට ගත් යානා ගොඩබෑමේ පුහුණුව පැවැත්වීමෙන් දැවැන්ත ඉදිරි පිම්මක් අත්කරගත් බව බව චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාව පසුගිය 22 දා නිවේදනය කළේය.

“ලෝකයට සහ විශේෂයෙන් එක්සත් ජනපදයේ ජනතාවට කැරිබියන් කලාපයේ සහ දකුණු ඇමරිකානු කලාපයේ කිසිම ආකාරයක යුද්ධයක් අවශ්‍ය නැහැ.” වෙනිසියුලා ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ සාසනයට, බුදු දහමට සහ මහා සංඝරත්නයට දේවේශ සහගතව බොරු චෝදනා එල්ල කරමින් අපහාස කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම මගින් බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට මානසික පීඩනයක් සහ වේදනාවක් ඇතිකිරීම මෙන්ම එමගින් සමාජ අසහනයක්නි ර්මාණය කිරීම තුළින් ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ වරද පෙන්වා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ආගමන හා විකමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගි වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් රටේ නීතියට අනුව කටයුතු ලෙසයි. තැන් තැන් වල අසන ප්‍රශ්න වලට පිලිතුරු දීමට තමන් සූදානම් නැති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂිකාවක් වන ශෙනාලි වඩුගේ මහත්මිය කොටි සංවිධානයට හිතවාදී පිරිස් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ සැසිවාරය අතරතුර "කොටි සංවිධානය අපේ ගැලවුම්කරුවාය. ඔවුනට ආයුධ දැරීමට අයිතිය දිය යුතුය."


ප්‍රධාන පුවත්

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.