News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහි අමෙරිකා - ඊශ්‍රායල හමුදා මෙහෙයුම වහාම නතර කරන ලෙස චීනය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට විරෝධය පළ කරමින් පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වෙත කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ දරුණු ගැටුම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව එල්ල කරමින් පවතින ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර සහ ඒ අනුව මැද පෙරදිග කලාපය ඇතුළුව සමස්ත ලෝකයට බලපාන සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මගින් රුසියානු විදේශ අමාත්‍යංශය අවධාරණය කරන්නේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මාවතකට වහාම නැවත පැමිණෙන ලෙස සියළු පාර්ශවයන්ගෙන් රුසියාව ඉල්ලා සිටින බවයි. එලෙසම ජාත්‍යන්තර නීතිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා පිළිබඳ සමබර සලකා බැලීමක් මත පදනම් වූ සාමකාමී විසඳුම් ඉදිරියට ගෙන යාමට සහාය වීමට රුසියාව සැමවිටම සූදානම් බව අවධාරණය කරන බවද පවසයි..

මැදපෙරදිග උත්සන්න වන භූ දේශපාලනික ආතතීන් මධ්‍යයේ රන් මිල අවුන්සයකට ඩොලර් 5,278 ඉක්මවා ගොස් ඇති අතර, එය සැලකිය යුතු වැඩිවීමක් සනිටුහන් කරයි.

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෆු කොං ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය තුළ ඇති ඉලක්කවලට හමුදා ප්‍රහාර දියත් කර ඇති බවත්, එමඟින් කලාපීය ආතතීන් හදිසියේම උත්සන්න වී ඇති බවත්ය. මෙහිදී චීනය මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළේය.

ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වී ඇති බවත්, එය ඉතිහාසයේ සිදු වූ යුක්ති සහගතම ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ෆිණුමේ සටහනක් තබමින් නිවේදනය කරයි.

ඉරාන-ඊශ්‍රායල ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින්, මැදපෙරදිග කලාපයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.