News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්‍ර වෙමින් ඇති බව වාර්තා වේ.

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ.

තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති බව රුසියාවේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශේෂඥ ෆෙඩෝර් ලුකියානොව් Komsomolskaya Pravda පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. “අප්‍රසන්න” නමුත් “කළමනාකරණය කළ හැකි” ලෝක පර්යාය බිඳ වැටෙමින් පවතින බව පවසන ඔහු දැනට ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම් උත්සන්න වීම ඇතුළු ගැටුම් නිරාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැති බවද ඔහුගේ විශ්වාසය බව අවධාරණය කළේය.

ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, එතෙක් ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධය මධ්‍යයේ රුසියානු රජය එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යුදෙව් විරෝධී විරෝධතා දාමයකට මුහුණ දී තිබේ.

හමාස් තුරන් කිරීම සඳහා ගාසා තීරයට පමණක් බෝම්බ හෙලන බවට ඊශ්‍රායලයේ ප්‍රකාශයන් "විකාර රූපී" ප්‍රකාශයන් බව දේශපාලන විශ්ලේෂක ජැක්සන් හින්කල් පසුගිය 26 වනදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීම කෙරෙහි ඔවුන්ගේ අඛණ්ඩ යුද මෙහෙයුම් වල අවධානය යොමු කර ඇති බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං (Li Keqiang) හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයට බව සඳහන්ය.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.