ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්..
ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
එම ගින්න හේතුවෙන් ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ බිය තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඊයේ (15) මධ්‍යම රාත්‍රියට ආසන්නව, මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි ජීලෝන්ග් (Geelong) හි පිහිටි විවා (Viva) සමාගමට අයත් කෝරියෝ (Corio) තෙල් පිරිපහදුවේ පිපිරීම් සහ ගිනිදැල් පිළිබඳ වාර්තා වීමත් සමග හදිසි සහන සේවා කණ්ඩායම් ඒ වෙත ගොස් ඇත.
මෙම පිරිපහදුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 50ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් සියයට 10ක් නිපදවනු ලබන බව සඳහන්.
මෙයින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර ප්‍රදේශයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳව ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පිරිපහදුව තවමත් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් නිෂ්පාදනය අඩු මට්ටමකින් පවත්වාගෙන යනු ලැබෙයි.
කෙසේ වෙතත්, පෙට්‍රල් නිෂ්පාදනයට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එරට රජය අනතුරු අඟවා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..