News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම් මාලාවෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාව සිය උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග අත්හදා බැලීමේ අරමුණින් දැවැන්ත අභ්‍යාසයක් පවත්වා ඇති බව ක්‍රෙම්ලිනය ඊයේ(25) ප්‍රකාශ කළේය. මෙම අභ්‍යාසවලට රුසියානු හමුදාවේ න්‍යෂ්ටික බලකායේ කොටස් ත්‍රිත්වය වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඒකකය, න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන ඒකකය සහ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා ඒකකය සම්බන්ධ වී ඇති බව රුසියානු පුවත් සේවා පවසයි.

ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම සම්බන්ධයෙන් මොස්කව්හි ස්ථාවරය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊශ්‍රායලයේ “අතෘප්තිය” දන්වා ඇති බව ඊශ්‍රායල " කන්" පුවත් සේවය නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් ඊයේ (24) වාර්තා කළේය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ගාසා තීරයට ගොඩබිම් හමුදා යැවීම සඳහා ඊශ්‍රායලයට ක්‍රියාකාරී සැලැස්මක් නොමැති බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ල පළ කර තිබේ.

පලස්තීන සටන්කාමීන් යම් විදියකින් “උතුරු පෙරමුණක්” විවෘත කළහොත් ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානය “තුරන් කර” ඉරානය ඉලක්ක කර පහර දෙන බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍යය නිර් බර්කට් ඊයේ (15) ප්‍රකාශ කළේය.

කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා ඇත.

රුසියාව තවදුරටත් එක්සත් ජනපදය සම්බන්ධයෙන් විශ්වාසය නොතබන බවත් චීනය විශ්වාසවන්තව තම පොරොන්දු ඉටු කරමින් සිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.