යුරේනියම් තොගය භාර දීමට ඉරානය එකඟයි..- ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවල ප්‍රධාන බාධාවක්ව පැවති, ඉරානය සතු යුරේනියම් තොගය භාර දීමට ඔවුන් එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වොෂින්ටනය සහ ටෙහෙරානය ගිවිසුමකට එළඹීමට "ඉතා ආසන්න" මට්ටමක පසුවන අතර, මේ සති අන්තයේ ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් ලාස් වේගාස් හි පැවති උත්සවයකදී අදහස් දක්වමින්, යුද්ධය ආරම්භ වූ දා සිට ඒ පිළිබඳව වූ වඩාත්ම සුභවාදී තක්සේරුවක් ඔහු විසින් ලබා දී තිබේ.
ඔහු පැවසුවේ කටයුතු "ඉතා සාර්ථකව" සිදුවන බවත්, එය ඉක්මනින් අවසන් වනු ඇති බවත් ය.
මීට පෙර ධවල මන්දිරයේදී ඔහු කියා සිටියේ, න්‍යෂ්ටික අවි ලබා නොගැනීමට ඉරානය එකඟ වී ඇති බවත්, ඔහු විසින් "න්‍යෂ්ටික දූවිලි" ලෙස හැඳින්වූ යුරේනියම් තොගය භාර දීමට නියමිත බවත් ය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැත.
නැවත වරක් සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ ට්‍රම්ප්, තවත් දින පහකින් අවසන් වීමට නියමිත ඉරානය සමග පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව තමාට සැකයක් පවතින බවද ප්‍රකාශ කර තිබේ.
_බිබීසී_
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..