News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යටතේ ඔහු නිරූපණය කරන පවුල් වටිනාකම් ලෙස, පිරිහුණු බටහිර ආකල්පවලට වෙනස් දේ වෙත මාරුවීමේ කොටසක් ලෙස, රුසියාව පසුගිය දශකය තුළ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම සඳහා සීමාවන් දැඩි කර තිබේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කැඳවා තිබූ මාධ්‍ය හුමුවේදී නීතිඥ සංජීව වීරවික්‍රම මහතා, ත්‍රිකුණාමලය බුදුපිළිමය සම්බන්ධ නඩුව කැඳවූ වස්ථාවේ දී පොලිසිය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

‍80 දශකයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළාන්තය පිළිබඳව වසර 39කට පසු කෙරෙන ගවේශනාත්මක හෙළිදරව්ව... 'දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත' මැයින් පිටු 392කින් සහ ඡායාරූප රැසකින් සමන්විත ග්‍රන්ථය ජනවාරි 21 කොළඹදී එළිදැක්විණි.

ගෝලීයකරණය යනු එක්සත් ජනපදය අවාසියකට ලක් කර ඇති අසාර්ථක උපාය මාර්ගයක් බව ඔප්පු වී ඇති බව එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පසුගිය 20 වනදා ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී පැවසීය.

නවතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේ උන්වහන්සේට කැඳවීමක් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව චීන වාණිජ මණ්ඩලය පවසයි.

සුළි කුණාටු තත්ත්වය පැවති සමයේ ගලහා දෙල්තොට වත්ත, ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටි ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල සමීපයට පෙරළී ආ කළු ගලක් නිල් පැහැ ගැන්වීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි කතාබහක් නිර්මාණය විය.

පුරාවිද්‍යා ස්ථාන සහ උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම්වලට සිදුවී ඇති අන්තවාදී බලපෑම නිසා සිදුව ඇති විනාශය පිළිබඳව ඉක්මන් පියවර ගන්නා ලෙස බල කරමින් ජාතික_උරුමයන්_සුරැකීමේ මධ්‍යස්ථානය මඟින් මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලදී.

ත්‍රිකුණාමලයේ බුදුපිලිම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලය කළ්‍යාණවංශ තිස්ස හිමියන් ගොනු කළ රිට් පෙත්සම් අද (22) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.


ප්‍රධාන පුවත්

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.