ඉතාලි පොලිසියේ සේවය කළ එකම ශ්‍රී ලාංකික නිලධාරියා නිල නිවසේදීම වෙඩි වැදී මියයයි..
ඉතාලි පොලිස් සේවයේ (Carabinieri) රාජකාරියේ නිරත වූ එකම ශ්‍රී ලාංකිකයා වූ 27 හැවිරිදි ෂෙහාන් ප්‍රනාන්දු මහතා, මිලානෝ නුවර පිහිටි සිය පොලිස් නිල නිවාසය තුළදී වෙඩි වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉතාලි මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහුගේ සිරුර සොයා ගන්නා විට රාජකාරිය සඳහා ඔහුට නිකුත් කර තිබූ ගිනි අවිය ද ඒ අසල තිබී සොයාගෙන ඇත.
සමස්ත ඉතාලි පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික නිලධාරියා මොහු වීම හේතුවෙන්, මෙම හදිසි ඛේදවාචකය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ඉතාලි බලධාරීන් ද දැඩි කම්පනයට පත් කර ඇති බව ද වාර්තා වේ.
අවිවාහක තරුණයෙකු වූ මියගිය ෂෙහාන් මහතාගේ උපන් ගම වෙන්නප්පුව, තල්දෙන ප්‍රදේශය වන අතර, ඔහුගේ මවුපියන් ද වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරත වෙමින් පදිංචිව සිටින බව වාර්තා වේ.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විටත් එරට පොලිසිය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබන අතර, ෂෙහාන් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු ඉතාලියේ මිලානෝ නුවරදී මෙම මස 27 වැනි දින සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් තවදුරටත් තහවුරු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන