News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව පුරා දැනට පනවා තිබෙන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දැන් ඩොලර් 300කට ඩීසල් ලබා ගන්නවා නම් රුසියාවෙන් ඩොලර් 150කට ලබාගත හැකි බවත්, ජනාධිපතිවරයා ඩීසල් 720ට යන බව පවසනවා නම්, එය 320ට ලබාදිය හැකි බවත් රුසියාවෙන් ඉන්ධන ලබාදීමට එකඟ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පවතින දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව එම අරමුදල සඳහන් කරයි.

අනායනය කරන භාණ්ඩ මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම මගින් දේශීය කර්මාන්ත කරුවන් විශාල අවදානමකට ලක්වන බවත්, පාවහන් හා සම්භාණ්ඩ අශ්‍රිත ලංකාව පුරා විසිරී ඇති මහා පරිමාණ කර්මාන්ත 10ක් මධ්‍ය පරිමාණ කර්මාන්ත 30ක් සුළු පරිමාණ කර්මාන්ත 3000ක් මෙමගින් අවදානමට ලක්වන බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ශාසනයට පහර දුන්විට රාජ්‍යය වැටෙන බවත්, රාජ්‍යයට පහරදුන් විට ශාසනය බිඳවැටෙන බවත්, භික්ෂුවට පහරදුන් විට, ශාසනයට පහරදුන් විට ගුරුවරයාට මෙන්ම පවුලට ද පහර දුන් විට සිදුවන්නේ සමාජය බිඳවැටීම බවත් පූජ්‍ය හකුරුවෙල චන්ද්‍රාලෝක හිමියෝ පවසති.

රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුව ප්‍රමාද වී මැදිහත් වීම හේතුවෙන් විදේශ විනිමය වෙළඳපොළට ඩොලර් මිලියන 500කට ආසන්න දැවැන්ත මුදලක් මුදා හැරීමට සිදුව ඇති බවත්, මේ නිසා මෙරට විදේශ සංචිත දැඩි ලෙස පහළ බැස ඇති බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

රුසියාවේ ප්‍රමුඛ මනෝවෛද්‍යවරියක් වන ඔල්ගා බුඛානොව්ස්කායා ප්‍රධාන වෛද්‍ය සම්මේලනයකදී සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය මානසික රෝගයක් ලෙස වර්ගීකරණය කරමින් අදහස් දක්වනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුව, බන්දාර් අබ්බාස් ගුවන් තොටුපළ ආසන්නයට ඇමරිකාව විසින් අලුයම් කාලයේ එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්,අද එරට වේලාවෙන් පෙ.ව. 4.50ට ඇමරිකානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.