භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මුදල් අලාභයට හේතුව මහ බැංකුවේ පද්ධතිමය දෝෂයක් නොව, මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් (Email) පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සහ අභ්‍යන්තර පාලන පද්ධතියේ පැවති බරපතල දුර්වලතා බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු ණය දෙන ආයතනය සමඟ 2025 ඔක්තෝබර් 27 දින අලුතින් අත්සන් කරන ලද ණය ගිවිසුම් මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සතුව තිබියදීත්, ලැබුණු ඉන්වොයිසිවල සඳහන් බැංකු ගිණුම් විස්තර එකී මූලික ගිවිසුම් සමඟ සසඳා බලා නිවැරදි භාවය තහවුරු කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර නැත. රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කර එවන ලද ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණි.
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ඉන්වොයිසියක ප්‍රතිග්‍රාහක බැංකු විස්තර වෙනත් ප්‍රාන්තයක පිහිටි බැංකුවක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්, ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) නීතිමය පසුබිම යටතේ අදාළ ගෙවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයට පූර්වයෙන් දැනුම් දී තිබුණි. ණය හිමියාගෙන් ඍජුවම නිවැරදි ගිණුම් විස්තර තහවුරු කරගන්නා ලෙස උපදෙස් දුන්නද, මුදල් අමාත්‍යාංශය ඍජු තහවුරු කිරීමක් සිදු නොකර ව්‍යාජ මුලාශ්‍රය මතම විශ්වාසය තබා කටයුතු කර ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) විසින් පූර්ණ පුහුණුවක් ලබා දී තිබුණි. මෙම පුහුණුවෙන් පසු, 2025 ඔක්තෝබර් 24 දින සිට PDMO නිලධාරීන් විසින්ම තමන්ගේම පරිශීලක ගිණුම් භාවිත කරමින් NRM පද්ධතිය තුළ ස්වාධීනව Standard Settlement Instructions (SSIs) සකස් කිරීම සහ ගනුදෙනු ඇතුළත් කිරීම සිදු කර ඇත. එබැවින් මෙම ගනුදෙනු මහ බැංකුවේ ඍජු අධීක්ෂණය හෝ අනුමැතිය යටතේ සිදු වූවක් බවට මුදල් අමාත්‍යාංශය කරන ප්‍රකාශ අසත්‍ය බව මහ බැංකුවේ පද්ධතිමය සටහන් (System Logs) ඇසුරින් සනාථ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රාජ්‍ය විදේශ ණය සේවාවන් ඉටු කිරීමේදී රජයේ බැංකුකරු ලෙස තමන් සැමවිටම කැපවීමෙන් කටයුතු කර ඇති බවයි. මෙම අරමුදල් වෙනතකට යොමුවීමේ සිදුවීම මහ බැංකුවේ ක්‍රියාවලියක්, පුහුණුවක් හෝ පද්ධතිමය දෝෂයක් නිසා සිදු වූවක් නොව, මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර සත්‍යාපන ක්‍රියාවලියේ සහ පාලන ව්‍යූහයේ පැවති බරපතල බිඳවැටීම නිසා සිදු වූවක් බව මහ බැංකුව COPF කාරක සභාව හමුවේ අවධාරණය කර සිටියි.
මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කරන ප්‍රධාන කරුණු 5 මෙසේය,
අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන බිඳවැටීම:
ගෙවීම් උපදෙස් නිකුත් කිරීමට ප්‍රථමයෙන් ඒවා මුල් ගිවිසුම් ලේඛන සමඟ සසඳා බලමින් නිවැරදි භාවය තහවුරු කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇත.
මහ බැංකු අධීක්ෂණය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ:
අදාළ වංචාව සිදුවන අවස්ථාවේදී රාජ්‍ය ණය කළමනාකරණ ඒකකය (PDMO) මහ බැංකු අධීක්ෂණය යටතේ පැවති බවට මුදල් අමාත්‍යාංශය කළ ප්‍රකාශය මහ බැංකුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. 2025 ඔක්තෝබර් සිට එම ඒකකය අමාත්‍යාංශය යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වූ බව පද්ධති සටහන් (System Logs) මගින් සනාථ කර ඇත.
කල්තියා කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම:
ඉන්වොයිසියේ සඳහන් බැංකු තොරතුරුවල පැවති වෙනස්කම් හේතුවෙන් මුදල් විශුද්ධිකරණ (AML) නීති යටතේ ගැටලු මතුවිය හැකි බවට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද, අමාත්‍යාංශය ණය හිමියාගෙන් සෘජුව තහවුරු කරගැනීමකින් තොරව ව්‍යාජ තොරතුරු මතම පදනම්ව කටයුතු කර තිබේ.
ගෙවීම් ප්‍රතික්ෂේප වීම් පිළිබඳ අසත්‍ය තොරතුරු:
අදාළ ගෙවීම් වාර තුනකදී ප්‍රතික්ෂේප වූ බවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බවත්, බැංකු පද්ධති වාර්තා අනුව එවැනි ප්‍රතික්ෂේප වීමක් සිදුව නොමැති බවත් මහ බැංකුව සඳහන් කරයි.
රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ භූමිකාව:
රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ වගකීම වන්නේ අමාත්‍යාංශය මගින් අනුමත කර එවන ලද ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණි. එම උපදෙස්වල නිරවද්‍යතාව සහ සත්‍යතාව තහවුරු කිරීමේ පූර්ණ වගකීම මුදල් අමාත්‍යාංශය සතු වේ.
අදාල වාර්තාව මෙතනින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..