කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්ගේ අප්‍රසාදය..
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සිය අප්‍රසාදය පළකර තිබේ.
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (ජූලි 22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර ඇත.
සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගත් හඳුනානොගත් ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ජංගම දුරකථන පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රශ්න කළ අවස්ථාවේදී පොලිසිය සඳහන් කළේ, අදාළ විද්‍යාත්මක පරීක්ෂණ පහසු කිරීම සඳහා එම උපාංගය විදේශීය ආයතන වෙත යොමුකර ඇති බවයි.
කපිල චන්ද්‍රසේන මහතාගේ iPhone 16 Pro Max වර්ගයේ ජංගම දුරකථනය ඇපල් සමාගමේ ‘Face ID’ ආරක්ෂිත පද්ධතියෙන් ආවරණය වී ඇති බැවින් එය අගුලු හැරීමට නොහැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) පසුගිය මැයි මාසයේදී අධිකරණයට දැනුම් දී තිබිණි.
මියගිය තැනැත්තාගේ මුහුණ භාවිත කරමින් දුරකථනය අගුලු හැරීමට දරන ලද උත්සාහයන් ව්‍යර්ථ වූ බවත්, ඒ අනුව පරීක්ෂණවල කොටසක් ලෙස දුරකථනයට ප්‍රවේශ වීම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) හරහා ඇපල් සමාගමේ සහාය ලබාගැනීමට බලධාරීන් පියවර ගත් බවත් විමර්ශකයෝ පැවසූහ.
අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුන්නේ, මීට සති දෙකකට පෙර ද පොලිසිය ලබාදුන්නේ මෙවැනිම පැහැදිලි කිරීමක් බවත්, පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව තමන් සෑහීමකට පත්නොවන බවත්ය.
“සති දෙකකට කලිනුත් ඔබ අධිකරණයට කිව්වේ ඔය ටිකමයි. මේ විමර්ශනයේ ප්‍රගතිය ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. විමර්ශන කඩිනම් කරන්න” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විමර්ශකයන්ට විවෘත අධිකරණයේදී නියෝග කළේය.
රසපරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලබා දෙන ලෙස නැවත මතක් කිරීම් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනයේ ප්‍රගතිය ලබන අගෝස්තු 19 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්