කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් පිරිසක් අතර ගැටුමක්.. එක් අයෙකු ඝාතනය කරලා.. දෙදෙනෙකුට තුවාල..
කොළඹ වරාය නගර (Colombo Port City) පරිශ්‍රය තුළදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුමකින් එක් චීන ජාතිකයෙකු ඝාතනය වී තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලට අනුව මෙම සිදුවීම අලුයම 2:00 ත් 3:00 ත් අතර කාලයේදී සිදුව තිබේ. වරාය නගරයේ පාදක පාලම (suspension bridge) ආසන්නයේ මසුන් අල්ලමින් සිටි චීන ජාතිකයින් තිදෙනෙකු වෙත කළු පැහැති වෑන් රථයකින් පැමිණි 15 ත් 20 ත් අතර පිරිසක් විසින් මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත. ආයුධ සන්නද්ධව පැමිණි එම පිරිස, මසුන් අල්ලමින් සිටි පුද්ගලයින්ගේ දෑත් සහ දෑස් බැඳ, දරුණු ලෙස පහරදී බලහත්කාරයෙන් වෙනත් වාහනවලට පටවාගෙන පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු පසුව වරාය නගර පරිශ්‍රයේම පිහිටි රථ ගාලක අතහැර දමා ගොස් තිබියදී, ඔවුන් විසින්ම බැඳුම් ලිහාගෙන අලුයම 5:00 ට පමණ කොළඹ වරාය පොලිසිය වෙත පැමිණිලි කර ඇත. පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි. කෙසේ වෙතත්, පැහැරගනු ලැබූ තෙවැනි චීන ජාතිකයා වන හාවෝ සොං (Hao Song) නමැත්තා අතුරුදහන්ව සිටි අතර, පසුව ඔහුගේ මළ සිරුර ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ගල් ගොඩකට යටකර තිබියදී සොයාගන්නා ලදී. සොයාගන්නා අවස්ථාවේදීද ඔහුගේ දෑස් සහ දෑත් බඳින ලදුව තිබූ බව පොලිසිය තහවුරු කරයි.
සිදුවීම වූ ස්ථානයේ තිබී පොලිසිය විසින් ගිනිඅවියක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගෙන ඇති අතර, චීන සංවිධානාත්මක කල්ලියක් අතර පැවති ආරවුලක් මත මෙම පැහැරගැනීම සහ ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකාවෙන් පලායාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති කාර්යාලය මෙම සිදුවීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. සිද්ධියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් තහවුරු කර ගැනීමට සහ චීන ජාතිකයන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම නීත්‍යානුකූල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ට තම ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමටත්, හදිසි අවස්ථාවකදී වහාම පොලිසියට වාර්තා කර උපකාර සඳහා තානාපති කාර්යාලය ඇමතීමටත් තානාපති කාර්යාලය වැඩිදුරටත් මතක් කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්