සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.
පසුගිය කාලසීමාව පුරා අර්බුද රැසකට මුහුණ දී යන්තම් හිස ඔසවමින් සිටින සබරගමුව වෛද්‍ය පීඨයට මෙලෙස වෛද්‍ය සුදුසුකම් නොමැති අයෙකු පත් කිරීම හේතුවෙන් ලෝක වෛද්‍ය සභාවේ (World Federation for Medical Education) ප්‍රතීතනය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවත් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන සවිස්තරාත්මක ලිපිය පහළින්..
පසුගිය කාලයේ ඉතා දැඩි කතා බහට ලක්ව තිබු සබරගමුව වෛද්‍ය පීඨය ආරම්භයේ සිට දීර්ඝ කාලයක් අර්බුදයකට ලක්වූයේ එම පීඨයේ පීඨාධිපති වශයෙන් පත්ව සිටි වෛද්‍ය නොවන පීඨාධිපතිනියගේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිලිමත්භාවය හේතුවෙනි.
ඇය ප්‍රශ්නවලට විසදුම් සොයනු වෙනුවට ඒවා අර්බුදයක් කරා ගෙනගිය අයුරු පසුගිය කාලය පුරා අත්විඳ ඇත්තෙමු. පසුගිය රජයන් යටතේද පුද්ගලිකව මෙම ලියුම්කරුද එවක වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ සාමාජිකයකු වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡා වලදී ඒ බව මනාව පැහදිලි විය.
එපමණක්ද නොව වෛද්‍ය නොවන පීඨාධිපතිනියක් හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවත්වෙන රැස්වීම් වලදී සහභාගි වීමට නොහැකි නිසා පිඨාධිපතිනිය නියෝජනය කලේ වෙනත් අයෙකි. එබැවින් එම පීඨයේ ප්‍රශ්න ගැන සැබෑ අවබෝධයකින් කටයුතු කිරීමට තිබු අවස්ථාවන් මග හැරීගොස් තිබුනි.
එසේම එකල වෛද්‍ය නොවන තැනත්තන් එම වෛද්‍ය පීඨයේ තනතුරු සදහා බදවා ගත් බවත් දෝශාරෝපනයක් එල්ලවිය.
එවන් පසුබිමක ඉතාමත් අසීරුවෙන් දීර්ඝ කාලයක් විවිධ අර්බුද ඔස්සේ ඇදීගොස් යන්තම් හිස ඔසවාගෙන ආ එම වෛද්‍ය පීඨය නැවතත් අර්බුදයකට සහ ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අර්බුදයකට ලක්වීමේ අවධානමකට මේ වන විට පත්වෙමින් ඇත.
ඒ මක් නිසාද යත් පසුගිය කාලයේ අර්බුදවලට මැදිවුවාසේ නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.
අපි මේ රටේ උසස් අධ්‍යාපන ඇමති ගරු අගමැතිනියගේ අවධානයට මෙය යොමු කරමින් විමසන්නේ ශ්‍රි ලංකාවේ රාජ්‍ය වෛද්‍ය පීඨයකට වෛද්‍ය නොවන තැනත්තෙක් පත්කීරීම හරහා ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවුවහොත් එහි වගකීම ගරු අගමැතිනිය භාරගන්නේද යන්න සහ එම වෛද්‍ය පීඨය අඛණ්ඩව ගැටලුවලින් තොරව පවත්වාගෙන යාමට තරම් සුදුසු වෛද්‍ය සුදුසුකම් සහිත පීඨාධිපතිවරයෙක් ඔබ රජයට සොයා ගත නොහැකිද යන්නයි.
එබැවින් අප මේ රටේ ගරු අගමැතිනිය හා රජයෙන් ඉල්ලා සිටින්නේ අර්බුද රාශියක් මැද වර්ථමානයේ හිස ඔසවමින් සිටින සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් සුදුසුකම් සහිත වෛද්‍ය වෘත්තීයේ සිටින අයකු පත්කර ඉදිරියේදී අර්බුදයක් දක්වා ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි.
වසන්ත අල්විස්
කැදවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?