

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
දේශීය පුවත්
ඉරාන උත්තරීතර නායක කමේනි, ට්‍රම්ප්ට උත්තර දෙයි..
කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප
කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්
කොළොන්නාවේ බලය ගන්න මාලිමාවට සහාය දුන් සජබ සභිකයාට සිදු වූ දේ
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
සජබයේ සහයෙන් කොලොන්නාව මාලිමාවට
බූලි බැරල්වලට ඉන්ධන දීම අත්හිටුවයි
චාමර සම්පත්ගේ නඩුව කල්යයි
කුරුණෑගල දිනන්න මාලිමාව -බදියුදීන් එක්වෙයි
