News Category
From Date
To Date
Maximum Number of Result

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

පසුගිය මාස් කන්නයේදී රජයේ වී මිලදී ගැනීම අසාර්ථකවීම නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ යළි කීරී සම්බා හිඟයක් ඇති වී තිබේ.

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය සහ යුද්ධයෙන් පලස්තීන දරුවන් අනාථභාවයට පත්වීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

පාදෙණිය රජමහා විහාරයේ දී චාල්ස් තෝමස් නමැති විවාදාත්මක චරිතයක් ගෙන්වා සිදුකළ වැඩසටහනේ දී ඊට සහභාගි වූ ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් මහානායක හිමිපාණන් වහන්සේලාට අපහාසයක් වූ බවට ලංකා ලීඩර් පාඨකයන් රාශියක් විසින් අදහස් දක්වා තිබේ.

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.


දේශීය පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්

ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.

කොළොන්නාවේ බලය ගන්න මාලිමාවට සහාය දුන් සජබ සභිකයාට සිදු වූ දේ

කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

චාමර සම්පත්ගේ නඩුව කල්යයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.