එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.
චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.
දේශීය පුවත්
"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්