News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.


දේශීය පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්

ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.

කොළොන්නාවේ බලය ගන්න මාලිමාවට සහාය දුන් සජබ සභිකයාට සිදු වූ දේ

කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

චාමර සම්පත්ගේ නඩුව කල්යයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.