දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.
රජය සිය ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන විවේචන නිහඬ කිරීම සදහා සමාජය තුළ බල පවත්වන ජනප්‍රිය දූෂණ විරෝධී රැල්ල මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ.
මේ සදහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය බවත්, අපහාසාත්මක හෝ වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව කටයුතු කරන්නට සිවිල් නීතිය තුළ අපමණ ප්‍රතිපාදන තිබියදී රජයේ උපදෙස් පරිදි පොලිසිය කටයුතු කරන ලද්දේ අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් කරන්නට බවත්, ඔවුන් සඳහන් කරයි.
එසේම මෙය දේශපාලන ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම පිළිබද පැහැදිලි උදාහරණයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ආයතනික අඛණ්ඩතාව, ආර්ථික සාධාරණත්වය සහ දූෂණයට එරෙහිවීම බිංදුවේ ඉවසීම යන පොරොන්දු මත ගොඩනැඟුණු "අනුරවාදයේ" ජනවරමට මාස දහඅටක් ගතවන තැන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය විසින් මහජන බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම දිය කරමින් සිටින බවත්, මතුපිටින් පෙන්වන සාර්ව ආර්ථික දත්තවලට පිටුපසින් ඇත්තේ එකතැන පල්වෙන සැබෑ ආදායම, අහස උසට ඉහළ ගිය දරිද්‍රතා රේඛාව සහ ජනතාවගේ පාරිභෝගික ශක්තිය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී දමන ලද වක්‍ර බදු පීඩනයක් බවත්, ඔවුන් පවසයි.
අසාර්ථක වූ පොරොන්දු සහ වත්මන් පාලනය තුළ සිදුවන මහා පරිමාණ ටෙන්ඩර් අක්‍රමිකතාවලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා, රජය විසින් සූක්ෂම මැකියාවෙලියානු මර්දනයක් ආරම්භ කර ඇති බවයි දිනන දකුන සාමුහිකයේ නිරීක්ෂණය වී ඇත්තේ.
සියළු විරෝධතා මැද අත්තනෝමතිකව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන එන්නේ අනාගත මර්ධනකාරී ක්‍රියාපිලිවෙතකට අවැසි අධිකරණමය ආවරණය ගැනීමට බව එම සාමුහිකයේ මතය වන බව ද ඔවුන් සඳහන් කරයි.
තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීමේ මෙවලම් බවට පත්කරගෙන තිබෙන බවත්, එවැනි සුක්ෂම වැඩපිලිවලක් ඉදිරියට ගෙන යන අතරේම ජනාධිපතිවරයා කියන්නේ නිවැරදිව තීරණය ගන්නා රහස් පොලිසියේ ප්‍රධානියා සහ අල්ලස් කොමිසමේ ප්‍රධානියා විපක්ෂයේ සතුරන් බවට පත්ව ඇති බවත්, එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කර සිටි.
නමුත් පැහැදිලි හා කටුක සත්‍ය වන්නේ නීතිය සාධාරණ බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් තහවුරු කිරීමට එම පුද්ගලයන් අසමත්වීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඔවුන්ගේ එම නිරීක්ෂණය තහවුරු කරනු ලබන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ නීති ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට දරමින් සිටින උත්සාහයවන අතර, එම ක්‍රියාව නීත්‍යානුකූල ලෙස දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම සඳහා සිදුකළ බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙස එම සාමුහිකය සලකනු ලබනු බව ද සඳහන්.
රජයේ මෙම උත්සාහය ලෙස එම සාමූහිකය දකින්නේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය හුවා දක්වමින් පුද්ගලයන්ට තාවකාලික සිරදඩුවමක්, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ලබා දීමයි.
ඒ අනුව වර්තමානයේදී විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට උත්සාහ කිරීම රට තුළ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවට පත්ව තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
දූෂණ විරෝධී ජනප්‍රියතාවය කඩතුරාවක් කරගනිමින් විපක්ෂය සහමුලින්ම විනාශ කිරීමට දරන මෙම උත්සාහය, වසර සියයක් පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපති පොලිස් රාජ්‍යයක් දක්වා තල්ලු කිරීමේ පූර්වගාමී පියවරක් බවටයි "දිනන දකුණ" සාමූහිකය අනතුරු අඟවන්නේ.
"පාලන තන්ත්‍රයක් ජනප්‍රියත්වයෙන් ගිලිහී යන විට එය පැවැත්ම සඳහා මර්දනය දෙසට යොමු වේ. රජය විසින් තම විරුද්ධවාදීන් එකින් එක ඉලක්ක කර මර්දනය කරද්දී ජනතාව නිහඬව සිටීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයේම විනාශයයි," යනුවෙන් එම සාමූහිකය සඳහන් කරයි.
එබැවින්, රජයේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව නැගී සිටින ලෙසත්, සියවසක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීම සඳහා පෙරට එන ලෙසත්, රජයේ මෙම හැසිරීම දූෂණයට තිත තැබීමට හෝ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සපථ කරන රජයේ සැබෑ වුවමනාව නොවන බවත්, රජය විසින් අටවමින් සිටින දේශපාලනික කෙමන පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසටත් "දිනන දකුණ" සාමූහිකය සමස්ත සමාජයෙන්, මාධ්‍යවේදීන්ගෙන් සහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..