
IMF නියෝජිතයෝ උතුරේ සංචාරයක...බදු බර දරාගන්නැයි කියයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළමුව උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මහතා ඇතුලු නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය.
උතුරු පලාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කල හැකි සාධනීය යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉන් අනතුරුව උතුරු පලාත් ආන්ඩුකාර කාර්යාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිස උතුරේ ව්‍යාපාරික නියෝජිතයින්, සරසවි නියෝජිතයින් පිරිසක් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුද හමු වී සාකච්ඡාවක නිරත විය.
මෙහිදී උතුරේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වෙතට දැනුම් දී සිටියේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විවිධ අවස්ථාවන්හි ගැටලු සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවටය.
එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රීලංකා වාසීන්ට නව බදුප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීත අවධිමත්වූ බදුප්‍රතිපත්ති හේතුවෙන් බවටත් නව බදුප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බවටය.
ඒමෙන්ම මේ වන විටත් ශ්‍රීලංකාව ඒවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
