IMF නියෝජිතයෝ උතුරේ සංචාරයක...බදු බර දරාගන්නැයි කියයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළමුව උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මහතා ඇතුලු නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය.
උතුරු පලාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කල හැකි සාධනීය යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉන් අනතුරුව උතුරු පලාත් ආන්ඩුකාර කාර්යාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිස උතුරේ ව්‍යාපාරික නියෝජිතයින්, සරසවි නියෝජිතයින් පිරිසක් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුද හමු වී සාකච්ඡාවක නිරත විය.
මෙහිදී උතුරේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වෙතට දැනුම් දී සිටියේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විවිධ අවස්ථාවන්හි ගැටලු සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවටය.
එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රීලංකා වාසීන්ට නව බදුප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීත අවධිමත්වූ බදුප්‍රතිපත්ති හේතුවෙන් බවටත් නව බදුප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බවටය.
ඒමෙන්ම මේ වන විටත් ශ්‍රීලංකාව ඒවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..