News Category
From Date
To Date
Maximum Number of Result

හොරු අල්ලන්න කතා කරන ඔක්කොම හොරු... ජවිපෙ බෝඩ් ලෑල්ල ගහගෙන රජයට බදු නොගෙවා සුඛෝපභෝගී ජීවිත ගතකරනවා - දිලිත් ජයවීර හෙළිකරයි

Jan 23, 2024 at 07:36 AM
|

මෙරටේ ඇති සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ආදායම් බදුවලට යටත් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල නගර ශාලාවේදී 21 වනදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින්ය.

“අද පක්ෂ අරමුදලවල් පිහිටවගෙන ජනතා විමුක්ති පෙරමුණ කියන බෝඩ් ලෑල්ල ගහගෙන ලංකා රජයට බදු ගෙවන්නේ නැතුව කොහොමද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ, වාහන පාවිච්චි කරන්නේ කොහොමද කියල ප්‍රශ්න කරන්න ඕන.” යැයිද හෙතෙම කිවේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“මේ වනවිට අපේ මව්බිම ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන්. අපි හැම පැත්තකින්ම අභියෝගවලට ලක්වෙලා තියෙනවා. රටක් විදියට දුප්පත් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඔවුන් නොදන්නාකම නිසා රට පාලනය කරන්න බැරිවෙලා තියෙනවා.

අපි දැන් ජීවත් වෙන්නේ ශ්‍රී ලංකා භූමියේ අභාග්‍ය සම්පන්නතම යුගයේ. දේශපාලන වශයෙන් අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ වගේම මේ පාලන ක්‍රමය අපි අභියෝගයට ලක් කරනවා. අපේ රටේ සභ්‍යත්වය දැඩි සේ අභියෝගයට ලක්වෙලා.

මම විශ්වාස කරන්නේ අපි පළමුවෙන් මුහුණ දිය යුතු ප්‍රශ්නය තමයි ලංකාවේ භූ දේශපාලනය වෙනස් කිරීමෙන් තමයි ශ්‍රී ලංකාව ගොඩ ගත හැක්කේ. ඒ නිසා භූ දේශපාලනයේ අහන දකින ඇහෙන අවලාද කතා ප්‍රතික්ෂේප කල යුතුයි. ඔබට විශ්වාසයක් තිබිය යුතුයි ඔබට ලැබෙන්න ඕන දෙයක් වේ නම් එය ලැබිය යුතුයි. ඊට තාක්ෂණික සහ විද්‍යාත්මක විසඳුමක් තිබිය යුතුයි.

අපි මව්බිම ජනතා පක්ෂය විදියට විශේෂයෙන්ම අපි සමග එකතු වෙලා ඉන්න තාරුණ්‍යය විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ එකම වැඩපිළිවෙලක්. ඒ වැඩ පිළිවෙල තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ වැඩපිළිවෙල තුළින් අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීම. ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීමෙන් තොරව ලෝකයේ කිසිම රාජ්‍යයක් දියුණු වෙලා නැහැ. මේ දා එදිනෙදා ජීවත් වෙන එදා වේල ය රටක් සුරක්ෂිත නැහැ, ඒකට අවශ්‍යයි, තාක්ෂණය රටක් දියුණු වෙන්නේ කොහොමද කියන දැක්ම. කොහොමද අපේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ කියන එක අවශ්‍යයි. මානව ප්‍රාග්ධනය හසුරුවන්නේ කියන එක අවශ්‍යයි. අන්න ඒ වැඩපිළිවෙළ ක් අපි ඔබට ගෙනෙනවා මානව ප්‍රාග්ධනය අභිප්‍රේරණය කරන හැටි දැනගෙන ඉන්න ඕන.

අපි ඔබට ඉදිරිපත් කරන්නේ නැහැ සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශ. අපි ඔබට ගේන්නේ විද්‍යාත්මක තාර්කික කාටත් පිළිගත හැකි වැඩපිළිවෙළක්. ඒ වැඩ පිළිවෙළ තුළ. මේ රට සංවර්ධනය කරන වකවානු සදහන්. කාටවත් ප්‍රතික්ෂේප කල නොහැකි වැඩ පිළිවෙළ ක්. අපි ඒ හරහා මේ රට මෙන්න මේ මාර්ගයෙන් ඉදිරියට යනවා කියන එක තහවුරු කරලා පෙන්නනවා . කුඩාම කුඩා කුඩාම කුඩා ව්‍යාපාරයේ සිට යේ මහා පරිමාණ ව්‍යාපාරය දක්වා දියුණු කර ලොව දිනන මාර්ගය අපි ඔබට පෙන්වා දෙනවා. ඒ මගින් කොහොමද දූෂණය නැති කරන්නේ හෝ අවම කරන්නේ කොහොමද කියන එක කියා දෙනවා. මෙතෙක් කල් සිද්ධ වුණ දූෂණවලට මොන දඬුවම් ලබාදිය යුතුද ප්‍රකාශවලට සීමා වෙන්නෙ නැහැ.

ඔය හොරු අල්ලන්න කතා කරන සියලු දෙනා හොරු. මම කියන්නට ඕනේ අපේ රටේ ඔය අල්ලනවා කියලා කියන සියලු දෙනා හොරු. ඔය හොරු අල්ලනවා කියල කියන පක්ෂය ේ අනික් හොරු අල්ලන්න ඉස්සරලා ඇතුලේ ඉන්න හොරු න් අල්ලන්න ඕන. තමන්ගෙ බෙල්ලෙන් අල්ලගන්න ඕන. ඔය පක්ෂය ඇතුලේ ඕනතරම් හොරු ඉන්නවා. දූෂිතයන් අල්ලන්න ඕන කියන පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දශක ගණනක් නිහඬ එකඟතාවයක් දක්වපු හොර නඩයක් කියන එක අපි කියන්ඩ ඕන.

අද අපි ප්‍රශ්න කරන්න ඕන ඔය කියන පක්ෂයේ නායකයත් පත් කරන කමිටුවල ඉඳගෙන වෘත්තීය සමිති මෙහෙයවමින් සුඛෝපභෝගී ජීවන රටාව කොහොමද සාධාරණීකරණ කරණය කරන්නේ කියලා. අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන අද පක්ෂ අරමුදලවල් පිහිටවගෙන ජනතා විමුක්ති පෙරමුණ කියන බෝඩ් ලෑල්ල ගහගෙන ලංකා රජයට බදු ගෙවන්නේ නැතුව කොහොමද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ කියලා ජීවත් කරවන්නේ ඥාති සම්බන්ධකම් පවත්වන්නේ වාහන පාවිච්චි කරන්නේ ොහොමද කියල ප්‍රශ්න කරන්න ඕන.

දූෂණය දූෂණය කිව්වට කවුද දූෂිතය කියලා හොයාගන්න බැරි තරමට මේ දූෂිතයින් දුෂණය වෙලා. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හා පක්ෂ අරමුදල් පරීක්ෂාවට ලක් කරන්න ඕන ේ මේ රටේ සියලුම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන් ම බදු ගෙවන්න ඕන ඒ ආදායම් බදු වලට අයත් වෙන්න ඕන ඒකයි අද අවශ්‍ය මෙම අහිංසක මිනිසුන් අහිංසක කාන්තාවන් එක වාක්‍යක් කියනවද ඒ දේශපාලන වේදිකාවල. අවුරුදු 2500 ක් ගැන කතා කරන දේශපාලන වේදිකාවල කියනවද මේ කාන්තාවන් ගැන ම එක වාක්‍යයක් ඒ වේදිකාවල තියෙනවද මාතෘ භූමිය ගැන සෙනෙහසක්. මේ රටේ ජනතාව ගැන ීම් තියෙනවද ගෞරවයක්. කතා කරන සියලුම ජනතාව පිළිබඳව තියෙනවද ගෞරවයක් සෙනෙහසක්.

මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර

“අර මොකද්ද තියෙනවා රෝස පාට පක්ෂයක්. ජාතික ජනබලවේගය. පුනරුත්පත්තිය. ජාතික ජනබලවේගයේ විධායක සභිකයෙක් කියලා කියන්නවත් බෑ.

ජාතික ජනබලවේගය බලයට පත් වුණහම විලි ලැජ්ජයි කියන්න සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා. හොඳයි අනුර කුමාර මැතිතුමාටයි ටිල්වින්ලටයි. මේ ඔක්කෝටම එකට ඉඳගෙන පන්සිල් වෙනුවට හතරසිල්ම සමාදන් වෙන්න පුළුවන්. තුන්වෙනි සිල් පදේ නැතුව.

විධායක සභිකයෙක් කියන්නේ. ආවට ගියාට නිකං කෙනෙක් නෙමෙයි. ධම්ම පදයේ බුද්ධ වචනයේ කිසිම තැනක ගණිකා වෘත්තියට ඉඩක් නෑ. රහසිගතව සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නීතිගත කිරීමට ඉඩක් කොහෙවත් නෑ. බයිබලයේ බලන්න. බයිබලයේ එහෙම එකක් නෑ. අල් කුරානයේ බලන්න. අල් කුරානයේ කොහෙවත් එහෙම එකක් නෑ. හින්දු භගවත් ගීතාවෙ බලන්න. භගවත් ගීතාවෙත් නෑ. එහෙනම් ජාතික ජන බලවේගය නෙවේ පජාතික ජන බලවේගයේ. බටහිරකරණය වෙච්ච ඇමරිකානු. රුපියල් 50000 සපත්තු.අදින. අපිට අද කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්නලු.

එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම

“මේක සත් කෝරළය නෙමෙයි බත් කෝරළය. අවුරුදු 4ක් තුළ අපි මේ රට ස්වයංපෝෂිත කරනවා විතරක් නෙමෙයි මේ රටේ නිෂ්පාදිත සහල් එළවළු පළතුරු සියල්ල පිටරටට අපනයනය කරන රටක් බවට අපි නිර්මාණය කරනවා කියලා මේ සත් කෝරළයේ ඉඳන් අපි ප්‍රතිඥාවක් දෙනවා. පළවෙනි දේ තමයි අලුත්ම බලය බෙදන ආණ්ඩුවක් අපි හදන බව. දැනට ඉන්න ජනතාව ගෙන් 70%ක්. පවතින රජයට කිසිම පැහැදීමක් නෑ සහයෝගයක් නෑ. පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නෑ පරිපාලනය ගැන විශ්වාසයක් නෑ. එහෙමනම් මේ රටේ 70%ක් දැන් කල්පනා කරනවා අපේ මීළඟ ආණ්ඩුව ගැන.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. අද වෙද්දී සියලුම දෙනා කල්පනා කරනවා වෙච්ච දේ ගැන. තාම 60%ක් හිත් හදාගෙන ඉවරයි. පුවත්පත්වලින් මාධ්‍ය වලින් කියන දේවල් ගැන බලන්න. දැන් බලන්න ඒ ජනතාව දිහා. ඒ ජනතාවගෙන් 53%ක් කාන්තාවෝ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හදවත් තුළ න් කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා අනේ මගේ දරුවට වඩා හොඳ අනාගතයක්ද දන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා හදවත් වලින් හූල්ලමින් කල්පනා කරමින් ඉන්නවා තමන්ගේ දරුවන්ට යි රටක් හදන්නේ කොහොමද කියලා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් හොඳ අනාගතයක් හොඳ රැකියාවක් ගෙයක් දොරක් හදාගන්ඩ ක්‍රමයක්.

අපි හදන්න උත්සාහ කරන්නේ ඉන්න පුළුවන් රටක් ජීවත්වෙන්න පුළුවන් රටක් හොඳ ආර්ථිකයක් ඇති රටක් ඒ හින්දා තමයි අපි පාරට බැහැලා ඉන්නේ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.