
උතුරු - නැගෙනහිරට විසඳුමක් ඉල්ලා දෙමළ පක්ෂ නායකයෝ ඉන්දීය නව මහකොමසාරිස් හමුවෙන්න ගිහින්
උතුරු - නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඉකුත් 22 වැනිදා ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පැය දෙකක පමණ කාලයක් නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඇති අතර එහිදී මෙම ඉල්ලීම සිදු කොට තිබේ.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විශාල වගකීමක් ඇත්තේ ඉන්දීය රජයට බැවින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පැරණි වගන්ති ඉවත් කොට පරිසරයට කාලයට හා වත්මන් අර්බුදවලට ගැලපෙන ආකාරයට ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතුව ඇතැයි දෙමළ දේශපාලන නායක පිරිස මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ කොට ඇත.
අනතුරුව වර්තමානයට ගැලපෙන ආකාරයට සුදුසු විසඳුමක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රජය සමග ඉන්දීය රජය නිල වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය වී තිබේ.
මීට අමතරව දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන්ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහිද බලය බෙදා ගැනීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජයේ අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කිරීමට ඉන්දියාව උත්සාහ කළ යුතු බවද දෙමළ දේශපාලනඥයෝ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ සාකච්ඡාවට ආර්. සම්පන්ධන්, නෝහා රාධලිංගම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ගෝවින්දන් කරුණාකරන්, රාසමානික්කම් චානක්‍යන්, චාර්ල්ස් නිර්මලනාදන් යන දෙමළ දේශපාලනඥයෝ සහභාගී වී සිටියහ.
- දිනසේන රතුගමගේ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
