උතුරු - නැගෙනහිරට විසඳුමක් ඉල්ලා දෙමළ පක්ෂ නායකයෝ ඉන්දීය නව මහකොමසාරිස් හමුවෙන්න ගිහින්
උතුරු - නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඉකුත් 22 වැනිදා ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පැය දෙකක පමණ කාලයක් නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඇති අතර එහිදී මෙම ඉල්ලීම සිදු කොට තිබේ.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විශාල වගකීමක් ඇත්තේ ඉන්දීය රජයට බැවින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පැරණි වගන්ති ඉවත් කොට පරිසරයට කාලයට හා වත්මන් අර්බුදවලට ගැලපෙන ආකාරයට ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතුව ඇතැයි දෙමළ දේශපාලන නායක පිරිස මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ කොට ඇත.
අනතුරුව වර්තමානයට ගැලපෙන ආකාරයට සුදුසු විසඳුමක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රජය සමග ඉන්දීය රජය නිල වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය වී තිබේ.
මීට අමතරව දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන්ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහිද බලය බෙදා ගැනීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජයේ අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කිරීමට ඉන්දියාව උත්සාහ කළ යුතු බවද දෙමළ දේශපාලනඥයෝ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ සාකච්ඡාවට ආර්. සම්පන්ධන්, නෝහා රාධලිංගම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ගෝවින්දන් කරුණාකරන්, රාසමානික්කම් චානක්‍යන්, චාර්ල්ස් නිර්මලනාදන් යන දෙමළ දේශපාලනඥයෝ සහභාගී වී සිටියහ.
- දිනසේන රතුගමගේ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..