පාර්ලිමේන්තු කමිටුවක සභාපතීකම දරන මන්ත්‍රිවරයෙකුට ජනපති අස්වෙන්න කියලා... අස්වෙන්න බැහැ කියූ නිසා ජනපති සැසියම අවසන් කරලා - ගම්මන්පිල කියයි
පාර්ලිමේන්තුවේ කමිටුවක සභාපතීත්වය දරන මන්ත්‍රිවරයෙකුට එම සභාපතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දන්නවා සිටියද ඔහු ඉවත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කිරීම මගින් එම කමිටුවද ඇතුළු සියලුම කමිටු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන්කර සිටියේ පාර්ලිමෙන්තුව අමතමිනි.
එහිදී මවන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"මේ පාර්ලිමේන්තුවේ වයස අවුරුදු තුන හමාරයි. අපි ඉන්නේ පස්වෙනි සැසිවාරයේ. 1977 පත්වූ පාර්ලිමේන්තුව වසර 12ක් පැවැත්වුනා. එයයි දිගම පාර්ලිමෙන්තුව . එයට තිබුනේත් සැසිවාර 8යි. මේ පාර්ලිමෙන්න්තුව හදිසියේම පස්වන සැසිවාරයකට තල්ලු වුනේ ඇයි.
අපට තියෙන තොරතුරු අනුව නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු කමිටුවක සභාපතිකෙනෙක් අස්කරගන්න අවශ්‍ය වුනා. ඔහුට අස්වෙන්න කිව්වත් අස්වෙලා නෑ. ඒ නිසා සියලුම කමිටු විසුරුවා හැරෙන්න පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කලා. යෝජනා සියල්ල, වාචික ප්‍රශ්න සියල්ලම අහෝසියි. පාර්ලිමෙන්තුව අක්‍රීයයි අඩපනයි. මේ සියල්ල කලේ එක සභාපතිකෙනෙක් ඉල්ලා අස්කරගන්න බැරුවනම් මේක අනිවාර්යෙන්ම ලෝක වාර්තාවක්.
දැන් අපේ සංචිත ඩොලර් මිලියන 4500ක් තියෙනවා කියලා ජනාධිපතිතුමන් ආඩම්බරයෙන් කිව්වා. 2022 සහ 2023 වසරේත් මේ වසරේ පලමු මාසයත් ඇතුලත ඩොලර් මිලියන 11 000ක ණය ගෙවීම නතර කර තියෙනවා. අපි මේ ණය ගෙවීම ආරම්භ කරන්න වෙනවා. බංකොලොත් වුනාට පස්සේවත් අපි ණය ගැනීම අඩු වුනාද? ණය ගැනීම නතරවුනෙත් නෑ. අඩුවුනෙත් නෑ. අපි බංකොලොත් භාවය ප්‍රකාශකරද්දී අපේ සමස්ථ ණය රුපියල් බිලියණ 24, 000ක්. 2023 දෙසැම්බර් 31 වන විට අපේ සමස්ථ ණය රුපියල් බිලියන 29, 000ක්. බංකොලොත් මාස 20ට බිලියණ 5000ක් අපේ ණය වැඩි වෙලා. සෑම දිනකම රුපියල් බිලියන 8කින් අපේ රටේ ණය බර වැඩිවෙනවා. බිලියන 24 000ක් ගෙවන්න බැරිව බංකොලොත් කිව්ව අපි රුපියල් බිලියන 29, 000ක් ගෙවන්නේ කොහොමද?
බංකොලොත් වෙලා මාස 22යි. තාමත් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් නෑ. ආණ්ඩුව කල්මරණවා කියලයි මට හිතෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන අවසන් කලොත් වසරකට ඩොලර් බිලියන 3ක් 4ක් වැනි ප්‍රමාණයකින් ණය ආපසු ගෙවන්න සිද්ධ වෙනවා. හදාගත්තා කියන සංචිතය අවසන් වෙනවා. නැවත භාන්ඩ ආනයනය කිරීමේ අභියෝගයක් මතුවෙනවා. ඒක ආණ්ඩුවට ඉදිරි මැතිවරන වලට අහිතකර ලෙස බලපානවා. ආණ්ඩුව සිතාමතාම කල් මරමින් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ජනාධිපතිවරයෙන් එහා පැත්තට තල්ලු කිරීමේ කුමණ්ත්‍රණයක යෙදී සිටින බව අපට පැහැදිලි වෙනවා.
පාඩුලබන රාජ්‍ය ව්‍යවසායන් රටට බරක්ය කියලා ජනාධිපතිතුමන් කරන ප්‍රකාශය අපි පිලිගන්නවා. ඒ නිසායි කොන්දේසි පහක් යටතේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහය දෙන්න අප සූදානම් කියලා පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශයට පත්කලේ. අපේ පලමු කොන්දේසිය පුද්ගලීකරණය දූෂණයෙන් තොරව විනිවිදබාවයෙන් සිදුවිය යුතුයි කියන එක. ප්‍රේමදාස යුගයේළ, චන්ද්‍රිකා යුගයේ පුද්ගලීකරණයට එල්ල වෙච්ච ලොකුම චෝදනාව තමයි දූෂණය. තුට්ටු දෙකට රාජ්‍ය ආයතන දුන්නා කියන එක. ඒ චෝදනාව මේ පුද්ගලීකරණයට එල්ල නොවීමට නම් අපි යෝජනා කලා පියවර ගණනාවක්. පුද්ගලීකරනය අධීක්ෂණයට සර්වපාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් පත්කල යුතුයි. ඒ කමිටුව විකුණන වත්කම් විතරක් නෙවෙයි අනාගත ඉපැයීම් හැකියාව පිලිබද තක්සේරු වාර්ථාවක් ඉදිරිපත් කල යුතුයි. තරගකාරී මිල ගණන් කැදවීමක් කල යුතුයි. ප්‍රසිද්ධියේ මිල ගණන් කැදවන්න ඕනෑ. අවසානයේ ආයෝජකයා තෝරාගත්තට පසුව ඒ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් කලා කියලා පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනෑ. ඒ වගේම ඒ කමිටුවලට ඉදිරියට ඇවිත් වෘත්තීය සමිති වගේ අයට මතය කියන්න අවස්ථාව දෙන්න ඕනෑ. නමුත් මේ කිසි දෙයක් ආණ්ඩුව කලේ නෑ.
මිල්කෝ සමාගමේ වෘර්තීය සමිති අපව හමුවෙලා කියනවා මිල්කෝ සමාගම කියන්නේ දැවැන්ත කම්හල් හතරක් විතරක් නෙවෙයි හයිලන්ඩ් කියන කීර්තිමත් වෙළද නාමය තියෙන සමාගමක්. එය කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව, තක්සේරු වාර්ථාවලින් තොරව විදේශීය සමාගමකට සහ දේශීය සමාගමකට මේ ආයතනය දෙන්න යනවා කියලා ඔවුන් චෝදනා කලා. කිසිම විනිවිද භාවයක් නැ. මෙවැනි ආකාරයෙන් නම් පුද්ගලීකරණය සිදුවෙන්නේ අතීතයේ පුද්ගලීකරණයට විරුද්ධව මේ සමාජයේ තිබුණු දැවැන්ත විරෝධය මේ ආණ්ඩුවේ පුද්ගලීකරණ වැඩපිලිවෙලටත් එල්ල වීම නවත්වනන් බෑ. ආණ්ඩුව විනිවිද බාවය සිය පුද්ගලීකරණ වැඩපිලිවෙලට ගෙන ආ යුතුයි කියා අප යෝජනා කරනවා."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM