යුක්රේනය 'කෘතිමව නිර්මාණය කළ රාජ්‍යයක්' - පුටින්
නූතන යුක්රේනය යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු දිවංගත සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ගේ ක්‍රියාවන් විසින් කෘතිමව නිර්මාණය කරන ලද රටක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(09) පළවූ ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.
පැය දෙකකට වඩා වැඩි කාලයක් පැවති පුළුල් පරාසයක විහිදුනු මෙන්ම ලෝක ජනයා අතිශයින් අවධානය යොමු කළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී, පුටින් යුක්රේනය එහි වර්තමාන ස්වරූපයෙන් නිර්මාණය කරන ලද ක්‍රියාවලිය විස්තරාත්මකව පැහැදිළි කළේය.
මධ්‍යය කාලීන යුගයේදී රුසියාව වැඩවසම් ක්‍රමයෙන් ඛණ්ඩනය වන අවදියේදී රුසියානු දේශයේ කොටසක් ලෙස පැවැති යුක්රේනය දැඩි පෝලන්ත සංස්කෘතික, ආගමික සහ දේශපාලන බලපෑමට ලක් වූ බව පුටින් පෙන්වා දුන්නේය. 17 වන ශතවර්ෂයේදී, මෙම කළාපයේ ජිවත්වූ ජනයා එවකට වර්ධනය වන මොස්කව් බලයට සම්බන්ධ වීමට අවශ්‍ය වූ නමුත් රුසියාවට අවශ්‍ය වූයේ පෝලන්තය සමඟ යුද්ධයකට පැටලීමෙන් වැළකී සිටීමට බව ඔහු අවධාරණය කළේය.
එසේ වුවද, බොහෝ සාකච්ඡා වලින් පසුව, මොස්කව් මෙම “පැරණි රුසියානු ඉඩම්වලින් කොටසක්” නැවත අත්පත් කර ගැනීමට තීරණය කිරීම නිසා පෝලන්තය සමඟ යුද්ධයකට පැටලීමටද සිදුවිය. 1762 සිට 1796 දක්වා රුසියාව පාලනය කළ මහා කැතරින් රැජිණගේ පාලන සමයේදී මොස්කව් තමාගේ “ඓතිහාසික ඉඩම්” සියල්ල නැවත ලබා ගත් බවද රුසියානු ජනාධිපතිවරයා සිහිපත් කළේය.
1917 වර්ෂයේදී රුසියාවේ සිදුවූ කොමියුනිස්ට් විප්ලවයෙන් සහ පෝලන්තය සමඟ ඇති කරගත් තවත් යුද්ධයකින් පසුව, වෝර්සෝ බටහිර යුක්රේනයේ විශාල ප්‍රදේශයක පාලනය නැවත ලබා ගත් බව පුටින් පෙන්වා දුන්නේය. 1920 දශකයේදී, බොල්ෂෙවික් ආණ්ඩුවව "පෙර කිසිදා නොතිබූ" සෝවියට් යුක්රේනයක් පිහිටුවන ලදී.
සෝවියට් රුසියාවේ අනෙකුත් ප්‍රදේශවල අනුගමනය කරන ලද දේශීයකරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සෝවියට් බලධාරීන් මෙම කළාපය “යුක්‍රේනීකරණය” කරමින් සිටි බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
"දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, යුක්රේනයට ඊට පෙර පෝලන්තයට අයත්ව තිබූ භූමි ප්‍රදේශ වලට අමතරව, හංගේරියාවට සහ රුමේනියාවට අයත්ව තිබූ භූමි ප්‍රදේශවලින් කොටසක් ලබා දෙනු ලැබුවා. එබැවින්, යුක්රේනය යනු ස්ටාලින්ගේ කැමැත්ත අනුව නිර්මානය කරනු ලැබූ කෘතිම රාජ්‍යයක් බව තහවුරු කිරීමට අප සතුව සෑම සාධකයක්ම තිබෙනවා." පුටින් පෙන්වා දුන්නේය.
ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ජාතීන්ට ඔවුන්ගේ පැරණි ප්‍රදේශ වෙත නැවත පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බව සාකච්ඡාවේදී පුටින් වැඩිදුරටත් පැවසූ නමුත් තමන් කිසි දිනෙක හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර නොමැති බව අවධාරණය කළේය. කෙසේවෙතත්, යුක්රේනයේ වෙසෙන හංගේරියානුවන්ට "ඔවුන්ගේ ඓතිහාසික දේශයට ආපසු යාමට" අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
https://www.rt.com/russia/592127-ukraine-artificial-state-putin/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා