
යුක්රේනය 'කෘතිමව නිර්මාණය කළ රාජ්‍යයක්' - පුටින්
නූතන යුක්රේනය යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු දිවංගත සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ගේ ක්‍රියාවන් විසින් කෘතිමව නිර්මාණය කරන ලද රටක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(09) පළවූ ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.
පැය දෙකකට වඩා වැඩි කාලයක් පැවති පුළුල් පරාසයක විහිදුනු මෙන්ම ලෝක ජනයා අතිශයින් අවධානය යොමු කළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී, පුටින් යුක්රේනය එහි වර්තමාන ස්වරූපයෙන් නිර්මාණය කරන ලද ක්‍රියාවලිය විස්තරාත්මකව පැහැදිළි කළේය.
මධ්‍යය කාලීන යුගයේදී රුසියාව වැඩවසම් ක්‍රමයෙන් ඛණ්ඩනය වන අවදියේදී රුසියානු දේශයේ කොටසක් ලෙස පැවැති යුක්රේනය දැඩි පෝලන්ත සංස්කෘතික, ආගමික සහ දේශපාලන බලපෑමට ලක් වූ බව පුටින් පෙන්වා දුන්නේය. 17 වන ශතවර්ෂයේදී, මෙම කළාපයේ ජිවත්වූ ජනයා එවකට වර්ධනය වන මොස්කව් බලයට සම්බන්ධ වීමට අවශ්‍ය වූ නමුත් රුසියාවට අවශ්‍ය වූයේ පෝලන්තය සමඟ යුද්ධයකට පැටලීමෙන් වැළකී සිටීමට බව ඔහු අවධාරණය කළේය.
එසේ වුවද, බොහෝ සාකච්ඡා වලින් පසුව, මොස්කව් මෙම “පැරණි රුසියානු ඉඩම්වලින් කොටසක්” නැවත අත්පත් කර ගැනීමට තීරණය කිරීම නිසා පෝලන්තය සමඟ යුද්ධයකට පැටලීමටද සිදුවිය. 1762 සිට 1796 දක්වා රුසියාව පාලනය කළ මහා කැතරින් රැජිණගේ පාලන සමයේදී මොස්කව් තමාගේ “ඓතිහාසික ඉඩම්” සියල්ල නැවත ලබා ගත් බවද රුසියානු ජනාධිපතිවරයා සිහිපත් කළේය.
1917 වර්ෂයේදී රුසියාවේ සිදුවූ කොමියුනිස්ට් විප්ලවයෙන් සහ පෝලන්තය සමඟ ඇති කරගත් තවත් යුද්ධයකින් පසුව, වෝර්සෝ බටහිර යුක්රේනයේ විශාල ප්‍රදේශයක පාලනය නැවත ලබා ගත් බව පුටින් පෙන්වා දුන්නේය. 1920 දශකයේදී, බොල්ෂෙවික් ආණ්ඩුවව "පෙර කිසිදා නොතිබූ" සෝවියට් යුක්රේනයක් පිහිටුවන ලදී.
සෝවියට් රුසියාවේ අනෙකුත් ප්‍රදේශවල අනුගමනය කරන ලද දේශීයකරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සෝවියට් බලධාරීන් මෙම කළාපය “යුක්‍රේනීකරණය” කරමින් සිටි බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
"දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, යුක්රේනයට ඊට පෙර පෝලන්තයට අයත්ව තිබූ භූමි ප්‍රදේශ වලට අමතරව, හංගේරියාවට සහ රුමේනියාවට අයත්ව තිබූ භූමි ප්‍රදේශවලින් කොටසක් ලබා දෙනු ලැබුවා. එබැවින්, යුක්රේනය යනු ස්ටාලින්ගේ කැමැත්ත අනුව නිර්මානය කරනු ලැබූ කෘතිම රාජ්‍යයක් බව තහවුරු කිරීමට අප සතුව සෑම සාධකයක්ම තිබෙනවා." පුටින් පෙන්වා දුන්නේය.
ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ජාතීන්ට ඔවුන්ගේ පැරණි ප්‍රදේශ වෙත නැවත පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බව සාකච්ඡාවේදී පුටින් වැඩිදුරටත් පැවසූ නමුත් තමන් කිසි දිනෙක හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර නොමැති බව අවධාරණය කළේය. කෙසේවෙතත්, යුක්රේනයේ වෙසෙන හංගේරියානුවන්ට "ඔවුන්ගේ ඓතිහාසික දේශයට ආපසු යාමට" අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
https://www.rt.com/russia/592127-ukraine-artificial-state-putin/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
