News Category
From Date
To Date
Maximum Number of Result

ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බව පැවසීය.

ගෝඨා ගෝ හෝම් 2 හෙවත් මාලිමාව ගෝ හෝම් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ වී ඇති බව ලංකා ලීඩර් වෙත වාර්තාවේ. එම මෙහෙයුමේ අවසන් අරමුණ ජාත්‍යන්තර මැදිහත්වීමක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට ගෙන ඒම බවද දැන ගැනීමට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ වී කිලෝවක් රුපියල් 140කට මිලට ගෙන රුපියල් 220ට හෝ 230ට සහල් කිලෝවක් ලබාදිය නොහැකි බවයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට එරෙහිව කළ ප්‍රකාශය පිළිබඳව තමිල්නාඩු කොංග්‍රස් කමිටුවේ (TNCC) සභාපති කේ. සෙල්වපෙරුන්තගයි බ්‍රහස්පතින්දා භාරතීය ජනතා පක්ෂ සභාපති කේ. අන්නමලෙයිව විවේචනය කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූවේ සෑමේ ප්‍රශ්නයකටම විද්‍යාත්මක විසදුම් ලබාදෙන බවට පොරොන්දු වී නමුත්, මේ වන විට ගොවියාගේ අස්වැන්න සදහා සහතික මිලක් වති නියම කර ගැනීමට නොහැකිව සිටින බව ජාතික ගොවි ව්‍යාපාරයේ කැඳවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් ඉවත් කිරීමට නම් 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කළ යුතු බවත්, ආණ්ඩුව ඒ සඳහා උත්සාහයක් දරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අභියෝග කිරීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා ඊයේ (23දා) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

යුක්රේන ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මනින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.