News Category
From Date
To Date
Maximum Number of Result

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කර කතානායක අත්සන් කලොත් මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් - ගම්මන්පිල හෙළිකරයි

Mar 21, 2024 at 06:45 AM
|

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබද විවාදයට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘වර්තමාන කතානායකවරයා නිහතමානි වැදගත් මහත්මයෙක් ලෙස අපි කාගේත් ගෞරවය දිනා ගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි කිසිම තරගයකින් තොරව ආණ්ඩු පක්ෂයෙන් නම යෝජනා කරලා විපක්ෂයෙන් ස්ථිර කරලා සමස්ත පාර්ලිමේන්තුවම එකතු වෙලා එතුමාව කතානායක තනතුරට පත් වුණේ. ඒක දුර්ලභ අවස්ථාවක්. සාමාන්‍යයෙන් පරදින්න හරි විපක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. මේ විශ්වාස භංග විවාදයෙන් පෙන්නුම් කරන්නේ එදා සමස්ත පාර්ලිමේන්තුවම එතුමා ගැන තිබූ විශ්වාසය දැන් භංග වෙලා කියන එකයි.

ඊයේ දවසේ ආණ්ඩුව පැත්තෙන් විශ්වාස භංග යෝජනාවට එරෙහිව තර්ක හතරක් ඉදිරිපත් කලා. පළමු තර්කය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව කතානායකතුමා කටයුතු කරලා නෑ කියන එක. දෙවන තර්කය වුණේ සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ මූලික අයිතිවාසිකම් නඩුව ඇසීම ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ තීන්දුවට පටහැනි යමක් පාර්ලිමේන්තුව කරලා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් පිලිගත්තා කියන එක. තුන්වන තර්කය වුණේ රටේ මෙතරම් ප්‍රශ්න තිබිය දී නැති ප්‍රශ්න මතු කරලා තිබෙන ප්‍රශ්න අමතක කරනවා කියන එක. හතරවෙනුව අපට බහුතරය තිබෙන නිසා අපි කොහොමත් අපේ කතානායක රකිනවා කියන එක. ලැබිලා තිබෙන සීමිත කාලය අනුව ඉතා කෙටියෙන් මේ තර්ක හතරටම පිලිතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළා කියලා විපක්ෂයේ හැමෝම කිව්වත් උල්ලංඝණය කලේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නෑ. ඇත්තටම කතානායකතුමා උල්ලංඝණය කලේ කොහොමද කියලා අපි සොයා බලමු.

පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස කොමිසම විසින් අන්තර්ජාල සේවා සපයන්නන්ට නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ. මේ වගේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව කියලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන දේ නොකර ඉන්න පුළුවන්. නමුත් එහෙම නම් සම්මත කර ගන්න තුනෙන් දෙකේ බහුතරය ඕනි. සංශෝධනයත් නොකර තුනෙන් දෙකේ බහුතරයත් නැතිව තමයි මම කලින් කිව්ව වගන්ති දෙක සම්මත කර ගත්තේ. මේ ගැන විපක්ෂය පෙන්වා දුන්නත් කතානායකතුමා ඒක නොසලකා හැරියා. ඔන්න ඔහොමයි කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩ කලේ.

එහෙම නම් මේ පිළිබඳ සුමන්තිරන් මන්ත්‍රිතුමා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කලේ ඇයි? කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කඩ නොකළ නිසා ද? නෑ. නීතිමය බාධාවන් නිසා. එක පැත්තකින් මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් ආණ්ඩුවට නැතිනම් විධායකයට එරෙහිව. කතානායක ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා මිස විධායකයේ කොටසක් නොවේ. අනිත් පැත්තෙන් ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් තිබෙනවා සම්මත වුණු පනතක් ව්‍යවස්ථාවට පටහැනි නම් ඒක අධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපි ඒකට පෝස්ට් ජුඩීෂල් රිවිව් කියලා කියනවා. නමුත් අපේ රටේ ඒක නෑ. ව්‍යවස්ථාවේ 80 වගන්තිය කියනවා, කතානායකවරයා යම් නීතියක් යථා පරිදි සම්මත වුණු බවට සහතිකයක් නිකුත් කලාට පස්සේ ඒක අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බෑ කියනවා. අපේ ව්‍යවස්ථාවේ කතා නායක පුටුවේ වාඩිවෙන පුද්ගලයාගේ අපක්ෂපාතීත්වය පිළිබද නීති ගරුකත්වය පිළිබද විශ්වාස තබලයි ඒ වගන්තිය දාල තියෙන්නේ. කතානායකතුමා කඩ කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය විතරක් නෙවෙයි. ව්‍යවස්ථාව විසින් එතුමාගේ කර මත පටවපු විශ්වාසයද එතුමා කඩ කරලා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු වලට අධිකරණය මැදිහත් වීමට උත්සාහ කළ අවස්ථා ගණනාවක දී හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මැතිතුමා ලබා දුන් තීන්දුවක් උපුටා දක්වමින් කතානායකවරු ඒ නියෝගය පිලි ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

මෙන්න මේ හේතු මත ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැටළුවට මැදිහත් වීම ප්‍රතික්ෂේප කලා මිස කතානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කඩ කරලා නෑ කියන ස්ථාවරය ගත්තේ නෑ.

තුන්වන තර්කය තමයි අපිට බහුතරය තිබෙනවා. ඒ නිසා අපි කොහොමත් අපේ කතානායක රකිනවා කියන එක. ආණ්ඩුවේ ඔන්න ඔය මානසිකත්වය තමයි බාල බෙහෙත් ජාවාරමේ දී ආණ්ඩුවයි කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයායි දෙන්නාවම විනාශ කලේ. විපක්ෂයෙන් කෙහෙලිය ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවාම ආණ්ඩුව අපිට බහුතරය තිබෙනවා කියලා ඇමතිවරයා රැක්කා. නමුත් විවාදය පුරා විපක්ෂය ඉදිරිපත් කරපු කරුණු අහලා සමාජයේ දැවැන්ත කම්පනයක් ඇති වුණා. ඒ කම්පනය නිසා තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් ඇමතිවරයෙකු අත්අඩංගුවට ගන්න පොලිසියට ධෛර්රයක් ආවේ. කැබිනට් ඇමතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියන්න නීතිපතිට ධෛර්රරයක් ආවේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණය විසින් කැබිනට් ඇමතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ. ඒ නිසා ඔලුගෙඩි අපි ගාව වැඩි කියලා ආණ්ඩුව උද්දච්ච ස්වරයෙන් කතාකලත් සමාජයේ මහා පිපිරීමක් වුනා.

මෙදා පාරත් තමන්ගේ බහුතරය පෙන්නල කතානායකතුමන් රැකගන්නට ආණ්ඩුව හැදුවොත් මේ හෙළුව බහුතරය මගින් වසාගනන්ට හැදුවොත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ මන්ත්‍රීවරුන් පිළිබද ජනතාවගේ තිබෙන විශ්වාසය පුපුරා ගිහින් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් තියෙනවා කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

ඒ වගේම ප්‍රශ්න ඕනෑතරම් තිබියදී නැති ප්‍රශ්න ඇති කිරීමක් විදිහටත් ආණ්ඩුව මේ ගැන කිව්වා. මේ ප්‍රශ්නය අතිශයින්ම භයානකයි. ව්‍යවස්ථාව අනුව ජනපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ සම්බන්ද සංශෝධණයක්, ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් මේ ආකාරයට සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු දෙනා කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සහය පල කල යුතු බව මා සිහිපත් කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.