අමෙරිකාවේ පාලමක ගැටී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබූ අන්තරායකාරී අපද්‍රව්‍ය බහාලුම්වලින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ දී ගොඩබෑමට නියමිත තිබූ බවට හෙළිදරව් වීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වන ලෝක වෙළෙඳ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකාවේ තානාපති ගෝමි සේනාධීර මහතා සඳහන් කරන්නේ අමෙරිකානු සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් 'බේසල් සම්මුතිය' උල්ලංඝනය කරමින් කටයුතු කරන බවය.
විශ්මිත දැනුම් පද්ධතියක් හා විශ්මිත හෙළ වෙදකමක් උරුමව තිබූ රටේ දේශීය වෙදකමට විෂ කටුවක් ගසා සිසිර ජයකොඩි ඇමැතිවරයා විසින් පනතක් ගෙන ආ බවත්, ඔහු දැන හෝ නොදැන ගෙන ආ මෙම පනත මගින් කංසා නීතිගත කර ලිංගික සේවා වෙළෙඳපොලක් මෙරට නිර්මාණය වීම සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිණීමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවත්, සදාචාර විරෝධී ලෙස රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපළ බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත්, එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වන බවත් අර්බන් සිටිසන් සංවිධානය පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2001 සිට 2004 දක්වා කරගැනීමට නොහැකි වූ හා 2015 පැමිණ 2019 දක්වා කරගැනීමට නොහැකි වූ දේ පොහොට්ටුවේ ජනවරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වශයෙන් පැමිණ දැන් සිදුකරමින් සිටින බවත්, රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් කුණුකොල්ලයට විකිණීම සඳහා ඔහුට කිසිඳු ජනවරමක් හිමිවී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..