News Category
From Date
To Date
Maximum Number of Result

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.

දෙරණ රූපවාහිනි නාලිකාවේ BIG FOCUS වැඩසටහනට එක් වු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට තිබෙන ජනතා විශ්වාසය තබා ගැනීමට නම් අනුර දිසානායක මහතාටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ළමයින් වඩාගැනීම, බදා ගැනීම වැනි තාවකාලික

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ශක්තිමත්ව හා එක්සත්ව නැගී සිටින ලෙසත්, නිදහස පිළිබඳ නවීන දැක්මක් හැඩගැස්වීමට සහභාගී වන ලෙසත්, මෙම නව පුනර්ජීවන යුගයේ සාමූහික ආරම්භයට දායක වන ලෙසත් ආරාධනා කරයි.

කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීම පිළිබඳව පැන නැගී ඇති මහජන විරෝධතා පිළිබඳව ලංකාලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රජය විසින් කොළඹ දී ලබාදුන් නිවස ලිඛිතව ආපසු ඉල්ලා සිටියහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නිවසින් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

යුරෝපීය සංගමය සැමවිටම වොෂින්ටනයෙන් ලබා දෙන දේශපාලන ඉඟි ලබාගෙන ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදීත් එය දිගටම කරගෙන යනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

දෙහිවල පිහිටි සිංහල බෞද්ධ පාසලක් දෙමළ මාධ්‍ය මුස්ලිම් පාසලක් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ. එහි සිද්ධිය සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇති වූ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක්තරා ලිපියක මෙසේ සදහන් වේ.

මාස තුනකින් පමණ මහපොළ ශිෂ්‍යාධාර ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසන්නේ ඇතැම් විශ්වවිද්‍යාලවලට මාස 3ට වැඩි කාලයක් ශිෂ්‍යාධාර ලැබී නොමැති බවයි. මේ අතර පසුගිය සමයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි පැවසෙන්නෙ.

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා නම් ලැයිස්තුවක් රජය විසින් අවසන් කරමින් සිටින බව වාර්තා වේ.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.