කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
කථානායකවරයාට හිමි නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තු වාහන සංචිතයට අයත් වෑන් රථයක් අනීතික ලෙස පරිහරණය කිරීම, හිමි මාසික ඉන්ධන ලීටර් 900ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාවද ලබා ගනිමින් රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් සිදු කිරීම සහ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ උපකරණ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.
ඊට අමතරව නියමිත පූර්ණ ගාස්තුව නොගෙවා පෞද්ගලික ලේකම්වරයා සමඟ ඉතා අඩු මුදලකට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබා ගැනීම, අභ්‍යන්තර විනය පරීක්ෂණ පැවැත්වූ විමර්ශකයාට නීති විරෝධී ලෙස අතිරේක මුදල් හා පහසුකම් සැපයීම මෙන්ම බත්තරමුල්ලේ නිල නිවාසයට අමතරව බම්බලපිටිය ලෝරිස් පටුමගේ පිහිටි නිල නිවසද ලබාගෙන පෞද්ගලික ලේකම්වරයාට ලබා දීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
තවද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු ලබාදීම වළක්වාලීම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ උසස්වීම් හා විදේශ ශිෂ්‍යත්ව සඳහා පුද්ගලයන් තේරීමේදී අනිසි ලෙස මැදිහත් වීමද මෙම පැමිණිල්ලට ඇතුළත් වේ.
දූෂණ විරෝධී පනත යටතේ කථානායකවරයා ද රාජ්‍ය සේවකයකු වන බැවින්, මෙවැනි විමර්ශනයක් පවතිද්දී ඔහු ධුරයේ රැඳී සිටීම නීති විරෝධී මෙන්ම සදාචාරාත්මක නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් සහ විනිසුරුවරුන් පත්කිරීමට නිර්දේශ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසද කථානායකවරයා කටයුතු කරන බැවින්, මෙහිදී බරපතළ 'ළබැඳියාවන් අතර ගැටුමක්' නිර්මාණය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වාතාවරණය හමුවේ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර, විමර්ශන අවසන් වන තෙක් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාගෙන්ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
වැඩිදුර තොරතුරු සඳහා Kaarige Channel Eka | Dharmasri Kariyawasam යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශිත සම්පූර්ණ වීඩියෝව බලන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්