අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.
බුදුබල සේනා සංවිධානය පිහිටුවූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උවමනාවට නෙවෙයිදැයි නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ 2012 වසරේදී බුදුබල සේනාව ආරම්භ කළේ කිසිදු දේශපාලනඥයෙකුගේ හෝ පක්ෂයක වුවමනාවට නොවන බවයි ගාලු ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ ඡායාරූපයක් පදනම් කරගෙන මංගල සමරවීර මහතා ඇතුළු පිරිස මෙම අසත්‍ය චෝදනාව ගොඩනැගූ බව උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.
ඉස්ලාම් ආගමට අපහාස කරමින් සහරාන් වැනි අන්තවාදීන් බිහිවීමට පදනම දැමූ බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ ඥානසාර හිමියන්, සහරාන් 2011 වසරේදී ජාතික තව්හීත් ජමාත් සංවිධානය පිහිටුවා අන්තවාදී මතවාද පතුරුවන විටත් බුදුබල සේනා සංවිධානය බිහිවී නොතිබූ බව පෙන්වා දුන්හ. ලංකාව තුළ වහබ්වාදය සහ සලෆිවාදය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව සාක්ෂි සහිතව උන්වහන්සේ මෙහිදී කරුණු දක්වා ඇත.
එමෙන්ම නෝර්වේ රාජ්‍යය හරහා කොටි බෙදුම්වාදීන් සමඟ ඩීල් දැමූ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ, ප්‍රංශයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් නිරාකරණය කරගැනීමට සහ පශ්චාත් යුද සමයේ ජාතික සංහිඳියාව වෙනුවෙන් "සිතමු" වැඩසටහන යටතේ නෝර්වේ හිදී සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදී කිසිදු මුදලක් හෝ රහස් ගිවිසුමක් ඇති කර නොගත් බවයි.
සෞදි අරාබිය සමඟ ඩීල් දමා අන්තවාදයට එරෙහි සටන පාවාදුන්නේදැයි නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ, සෞදි අරාබියේ රජකුමරුගේ ආරාධනයකට අනුව සෞදියේ නිල සංචාරයක නිරත වූ බවයි.
මියන්මාරයේ බෞද්ධ-මුස්ලිම් ගැටලුව විසඳීම සඳහා සාමදූතයෙකු ලෙස කටයුතු කිරීමට සෞදි පාර්ශ්වයෙන් ඉල්ලීමක් ලැබුණු බවත්, ඒ අනුව සෞදි ජාතික දින උත්සවයට සහභාගී වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්