සත්‍ය සෙවීමේ කොමිසම් පනතට පාර්ලිමේන්තුවේ දී අත උස්සා සහාය දෙන්න හැකියාව ඇත්තේ දුෂ්ට, දුර්ජන, පාපතරයින්ට පමණයි - රණවිරුවන් රැකගන්න දිලිත් ජයවීර සමග එකඟතා ලියවිල්ලකට අත්සන් තබමින් ජාතික සංවිධාන පවසති (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම ඊයේ(29) දින සිදුවිය.
ජාතික සංවිධාන එකමුතුවේ හැට වැදෑරුම් සමාජ සම්මුතිය සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාම වැළැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සකස් කළ 'රණවිරු විත්ති වාචිකය' එහිදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ කමල් ලියනගේ මහතා විසින් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙත පිළිගැන්වීම ද සිදුවිය.
එහිදී අදහස් දැක්වූ දිලිල් ජයවීර මහතා පැවසුවේ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව ය.
සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන් තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මෙම නායකයන් සියලුම දෙනා හෙළිදරව් කළ යුතු බවත්, තමන්ගේ මරණ මංචකයේ දී වත් රණවිරුවන්ට සැනසුමක් ලබා නොදේනම් එම දූෂිත දේශපාලකයන් ගැන සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඉකුත් දා දම්පාටින් එළියට දැමූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වැනි පිටුවේ සඳහන්කර ඇත්තේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය තවත් පුළුල් කළ යුතු බව යැයි පවසන ඒ මහතා, රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් කටයුතු කළ රණ විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙන්වා දෙනලදී.
මෙවැනි දෙයක් පොතක මුද්‍රණය කර බෙදා හැරීමට තරම් පහත් තැනකට මේ රට පත්වුනා නම්, මේ බලවේගවල පිටුපස සිටින හස්ථයන් කෙතරම් බලවත් ඇත් දැයි සිතාගත හැකි බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කරන ලද්දේ සත්‍ය සෙවීමේ කොමිසම් පනතට පාර්ලිමේන්තුවේ දී අත උස්සා සහාය දෙන්න හැකියාව ඇත්තේ දුෂ්ට, දුර්ජන, පාපතරයින්ට පමණක් බව ය.
ඔවුන්ට එරෙහි විය යුතු බවත්, ඔවුන්ව දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන්ට මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රමවේද හරහා කරුණු දැක්වූ බවත්, නමුත් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර නොලැබුණු බවත්, දිලිත් ජයවීර මහතා පමණක් මෙය අතට ගෙන පරාජය කිරීමේ වගකීම භාරගැනීමට කටයුතු කළ බවත් ය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අත උස්සා 30/1 මහකොමසාරිස් වාර්තාව පිළිගත් බවද, එම 30/1 යෝජනාවේ ඇති ප්‍රමුඛතම කොන්දේසියක් වන්නේ සත්‍ය සෙවීමේ කොමිසම බවත් ඒ මහතා සඳහන් කරයි.
රණවිරුවන් දඩයම් කිරීමට පනත් 7ක් ගෙනආ බවත්, නමුත් ඒවා ක්‍රියාත්මක නොවන හෙයින් සත්‍ය සෙවීමේ කොමිසම පනත ලෙස මෙම 8 වැනි පනත ගෙන එනු ලබන්නේ අනෙකුත් පනත් එතම බලාත්මක කිරීමට බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිදරව් කළේය.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශ්‍රාමික බිගේඩියර් අතුල ද සිල්වා මහතා, විශ්‍රාමික මේජර් චරිත සිරිවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්