News Category
From Date
To Date
Maximum Number of Result

ආරණ්‍යවාසී මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මිහින්තලේ සිට මුලතිව්, කුරුන්දි රජ මහා විහාරයට සිදු කෙරෙන පාගමන ඊයේ(16) මිහින්තලෙන් ආරම්භ විය.

සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරනතුරු තම රජයක් යටතේ පළාත් සභා ක්‍රමය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කර තිබේ.

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවට රාජ්‍ය ඇමැතිවරුන්ගේ අති බහුතරයක් පොදුජන පෙරමුණේ නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.

2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.

සෞදි අරාබිය එක්සත් ජනපදය සමඟ වසර 50 ක් තිස්සේ පැවැති ජුනි 9 ඉරිදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ පෙට්‍රොඩොලර් ගිවිසුම අලුත් නොකිරීමට තීරණය කර ඇත.

පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 13 බලාත්මක කරන බවට කල ප්‍රකාශයට එරෙහිව අද දින ජාතික සංවිධාන වීසින් විපක්ෂ නායක කාර්යාලය අසල විරෝධතාවයක් දක්වමින් ඔහුට එහි බරපතළකම පෙන්වා දෙමින් ලිපියක් බාරදෙනු ලැබීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්චියේ දී සිදුකළ ප්‍රකාශය මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වීමේ අනතුරක් ඇති බව පෙන්වා දෙමින් ජාතික සංවිධාන විසින් සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකර තිබේ.


දේශීය පුවත්

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.