News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් ලබන අඟහරුවාදා පෝය දා (23දා) සවස පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරෙන අතර, ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය. ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ප්‍රතිසංස්කරණ, විද්‍යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.

‘මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්නම්’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසට පවසා ඇති බවත්, සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය පිළිබඳව එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථා කිහිපයකදී මෙම පිළිතුර ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය අවසන් කළ යුතු බවට වහසිබස් දෙඩූ හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර විසින් සමලිංගික රඟපෑම් නීතිගත කළ යුතු බවට ඉදිරිපත් කළ මතයට අනුව ඊට අදාළව නව පනතක් ගෙන ඒමට විජේදාස රාජපක්ෂ මහතා උත්සාහ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල විරෝධය උත්සන්න වෙමින් ඇත.

ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවලින් බොහෝ තොරතුරු වාර්තා කළ ද බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එය පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

“ඩේලි නිවුස්” පුවත් පතේ අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලාංකික කුලී හේවායන් රුසියානු යුක්‍රේන යුද්ධයට රුසියානු පාර්ශවය නියෝජනය කරමින් කුලී හේවායන් ලෙස සටන් පෙරමුණේ සිටින්නේ යැයි ගයාන් කුමාර වීරසිංහ විසින් සම්පාදනය කර ඇති ලිපියේ කිසිදු සත්‍යතාවයක් නැති බව අපි අවධාරණය කරමු. එනම් රුසියානු පාර්ශ්වයෙන් යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වය පිළිබඳ තොරතුරු හෝ ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් වන සංඛ්‍යා දත්ත කිසිවක් තානාපති කාර්යාලය සතුව නොමැත. එලෙසම ඔවුන්ගේ සැබෑ ස්වභාවය මුළා කරමින් යුද කටයුතුවලට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නා දේශීය නියෝජිතායතනයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කිසිවක් නොදනී. ගයාන් කුමාර වීරසිංහ විසින් “ඩේලි නිවුස්” පුවත් පතට රචිත “ජනප්‍රිය ටෙලි නිළියන් කුලී හේවායන් බඳවා ගත් බව” අනාවරණය කරන ලිපියෙන් දැක්වෙන පරිදි, සටන් පවතින කලාපයෙන් පලා ගිය බව කියන කෝප්‍රල්වරයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. රුසියාවේ භූමිය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බල සීමාව යටතේ පවතින බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.


දේශීය පුවත්

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී..

හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන විපක්ෂයේ නායකයන් එකඟතාවකට..

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ.

පාකිස්තානයේ දැවැන්ත කොටසක් කැඩී වෙනම රාජ්‍යක් බිහිවීමට යයි..

පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.