News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින් ඉලක්ක කර එල්ල වූ මාරාන්තික ප්‍රහාරයේ පිටුපස සිටින සැකකරුවන් ලෙස පියෙකු සහ පුතෙකු හඳුනාගෙන ඇති බව ක්වීන්ස්ලන්ත පොලිස් සේවය පවසයි.

41 වන විගණකාධිපතිවරයා විශ්‍රාම ගොස් මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී තිබියදීන්, ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අසමත් වීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ දැඩි කනස්සල්ල පළ කර ඇත.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ තවත් සිව්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් අදහස් පල කරයි.

දිට්වා සුළි කුණාටුව මගින් ශ‍්‍රී ලංකාවට සිදු වූ බරපතළ ආපදා තත්ත්වය පිළිබඳව මාධ්‍ය හරහා කළින්ම දැනුවත් වී සිටියද එම ආපදාව අවම කරගැනීම සඳහා රජය ක්‍රියාත්මක නොවීම පාස්කු ප‍්‍රහාරයට අදාලව නිලධාරීන්ට දේශපාලන නායකයින්ට එල්ල වූ චෝදනා වලට වඩා බරපතළ වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.

ලංකා ලීඩර් වෙත විස්තරාත්මක ලිපියක් මගින් කරුණු දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආපදාව වැළැක්වීම සඳහා නිසි වේලාවට නිසි පියවර නොගත් ආකාරය සහ නීතියේ අඩුපාඩු මෙන්ම පරිපාලන යාන්ත්‍රණයේ ගැටලුද පෙන්වා දෙයි.

වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අල, ළුණු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.