බාල ගල් අඟුරු ගෙන්වීම ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ... ඇමතිගේ පරීක්ෂණ විශ්වාස නෑ - පුබුදු ජයගොඩ
මෙරටට බාල ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් සිදුකළ යුතු බවත් විදුලි බල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගල් අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබාදිය යුත්තේ ඉකුත් වසරේ අප්‍රේල් මස බවත් එම ටෙන්ඩරය ජුලි මස වන විට අවසන් කළ යුතු වුවත් ආණ්ඩුව මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 15 වැනිදා වීම සැක සහිත බවත්ය.
පුබුදු ජයගොඩ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ රූපවාහිනි නාළිකාවක පැවැත්වූ දේශපාලනික වැඩසටහනකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේ ද පැවැසුවේය.
''අපිට මෙතන බරපතළ සැකයක් තියෙන්න ප්‍රධාන කාරණා කිහිපයක් තියනවා, එකක් මේ ටෙන්ඩර් එක කැඳවලා සති තුනක් වගේ කාලයක් ඇතුළත් මෙය අවසන් කළා. සාමාන්‍යයෙන් සති හයක් දෙනවා. ඇමැතිවරයා කිව්වේ මේක හදිස්සී නිසා ඉක්මනට අවසන් කළා කියල. නමුත් එහෙම හදිසි වුණාට මේ ටෙන්ඩර් එක දෙන්න නොවෙම්බර් වෙනකන් කල් ගත්තා. මෙතන තියෙන්නේ බරපතළ ගැටලුවක්. දෙසැම්බර් පහළොව පළවෙනි නැව එනවා කිව්වා.ආවේ දෙසැම්බර් අන්තිමට. අපිට හිතෙනවා මේ සිද්ධිය මෙහෙම පරක්කු වේවි ආවේ බාල ගල් අඟුරු ගෙනාපු සමාගමටම මේක දෙන්න ද කියල. ටෙන්ඩර් එක ප්‍රමාද වුණු කාලේ තමා මේ සමාගම රෙජිස්ටර් වුණේ. නැව් තිස් හතක් ඕනේ අපිට මේ වෙද්දී තාම ආවේ පහයි.
අපි මේවා හෙළි කරද්දී ඇමැති අපිට තර්ජනය කළා . ඒ නොකියා කිව්වේ මේක ගැන කතා කරන්න එපා කියලා. ගල් අඟුරු බාල වෙනව කියලා ආපු ඒවායේ පරීක්ෂණ වාර්තා එළියට එන එක මේ ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරින් හැංගුවා. අපි ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නැති වුණොත් බලශක්තිය විදුලිය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් මේ රටේ ඇතිවේවි''
- අශිකා ජයවීර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..