News Category
From Date
To Date
Maximum Number of Result

රටේ සිදුවූ බරපතළ ආපදා තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන අභියෝගය වන්නේ මෙවැනි ආපදාවක් ඉදිරි අනාගතයේදී හෝ නිසිලෙස කලමාණාකරණය කරනු ලබන්නේ කෙසේද යන්න බව යැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම තහනම් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසිම අවහිර කිරීමට නියමිතය.

ගං වතුර ආපදාව සමග සමාජ මාධ්‍ය සහ YouTube කරුවන් ජනාධිපති අනුර දිසානායකට අපහාස කරන බවත් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුව පාර්ශ්වයේ මැති ඇමතිලා පවසන කතාව සම්බන්ධයෙන් ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර ප්‍රතිචාර දක්වා තිබේ.

වෙනිසියුලාවට අමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය බවට තදින් පෙනී සිටින වෙනිසියුලාවේ කුප්‍රකට දේශපාලන චරිතයක් වන මාරියා කොරිනා මැචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමට නොබෙල් කමිටුව ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ඇස්තමේන්තුගත මිලියන 2.3 ක ජනතාවක් ජීවත් වූ බවත්, ඔවුන්ගෙන් අඩකට වඩා කාන්තාවන් බවත් නවතම විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.

පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව මෙවැනි දරුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ආපදාව සිදුවීමට ඉඩ දුන් බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

රටට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවේ ආණ්ඩුවේ මැදිහත් වීම දුර්වල බවත් ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු බව ජන අරගල සන්ධානය පවසයි.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.