News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව වසන්ත සමරසිංහට වෙළෙඳසැල් හිමියන්ගේ දැඩි විරෝධය..

Feb 1, 2026 at 09:44 AM
|

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරය.

නව නමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කර දැනට කළමනාකාර භාරයකින් පාලනය වන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම ඊයේ දිනයේදී පැවැත්විණි.

ඒ සඳහා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලදාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම්ද සහභාගී වී තිබේ.

මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් සෘජුවම අමාත්‍යවරයාට දන්වා ඇත්තේ මෙම වෙළෙඳ ව්‍යාපාර වසර 35කට වඩා වැඩි කාලයක් විසින් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතනයක් බවය.

එමෙන්ම කිසිදු දැනුම්දීමක් නොමැතිව එක්වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත් කර තම වෙළෙඳ ව්‍යාපාර ස්ථාන පාලනය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ඔවුන් අමාත්‍යවරයාට දන්වා තිබේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ව්‍යාපාරික ප්‍රජාව අමතමින් සඳහන් කර ඇත්තේ නව සමාගමක් ස්ථාපිත කර ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කර ඉතා සාධාරණ වෙළෙඳපළක් ජනතාවට ලබා දීම සඳහා වන බවය.

ඒ අනුව දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙම නව සමාගම යටතට පත් කර ඒවායේ ලැබෙන මාසික බදු මුදල් පරිපාලන කටයුතු සියල්ල ලබන මාසයේ සිට මෙම සමාගම වෙත ගෙවීම් කළ යුතු බව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

මෙමගින් කිසිදු ආකාරයකින් ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අයිතිය අහිමි නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති වෙලෙඳ ප්‍රජාව විසින් දැනුම්දී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව සහ කිසිදු සොයාබැලීමකින් තොරව නව ආයතනයක් පිහිටුවා තමන් පවත්වාගෙන ආ ව්‍යාපාර පවරාදීමට නොහැකි බවත් දැනට ඉතා ශක්තිමක් කළමනාකරණ භාරයක් තුළින් වසර 30කට අධික කාලයක් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන ආ බවත්ය.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා මින් පෙර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ලබා ගෙන ඇති සමාගම සඳහා වෙළෙඳ සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළ එම වෙළෙඳ ප්‍රජාව මෙහිදී අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ එම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ සමාගමේ නාමයද ඉතා සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇති බවය.

මේ සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් ඔවුන් අමාත්‍යවරයා වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක කාලයක් තුළ රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකරමින් මේ වන විටත් කළමනාකරණ භාරයේ රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව ගොවි ජනතාවට පොලී රහිත ණය, බීජ ආදි එළවලු වගාව සඳහා වියදම් කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් එවැනි අවස්ථාවක කිසිදු ආකාරයෙන් නොදන්නා සමාගමකට තම අයිතිය ලබා දීමට සූදානම් නොමැති බවත් වෙළෙඳ ප්‍රජාව විසින් අමාත්‍යවරයාට පවසා තිබේ.

මේ සඳහා අමාත්‍යවරයාද ප්‍රති උත්තර ලබා දීමට සූදානම් වීමේදී ව්‍යාපාරිකයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලට පැමිණ මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් වෙත ලබා දෙන බව පැවසූ බවය.

කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති සමාගම සහ වෙළෙන්දන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති වෙළෙඳ නාමය අතර පරස්පරතා පවතින බවය.

මීට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලැබී ඇති සමාගමේ නාමය පසුව වෙනස් කළ බවත් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවය.  

කෙසේ වෙතත් මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මේ පිළිබඳව තවදුරටත් සලකා බලා සමාගම සහ ව්‍යාපාරික ප්‍රජාව සමග එළැඹෙන ගිවිමසුම් ගැන සාකච්චා කිරීමට තමන් ඉදිරි දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය පාලනයන් තුළ සිදුවූ වැරදි, අඩුපාඩු සහ වංචා දූෂණ ගැන පමණක් සාකච්ඡා කරමින් වත්මන් මාලිමා රජයට ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.