ළදරු කිරි පිටිවල විෂ ද්‍රව්‍යයක්.. යුරෝපය පුරා දැඩි අනතුරු ඇඟවීම්..
ළදරු කිරි පිටි නිෂ්පාදනවල 'සීරියුලයිඩ්' (Cereulide) නම් විෂ ද්‍රව්‍යය අඩංගු බව අනාවරණය වීමත් සමඟ ලොව පුරා ප්‍රමුඛ පෙළේ මෙම සන්නාමය වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සිංගප්පූරුවේ සහ යුරෝපයේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව දෙමාපියන් වෙත දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් වාර්තා වේ.
සිංගප්පූරුවේ තත්ත්වය - Dumex නිෂ්පාදන තවදුරටත් ඉවතට
සිංගප්පූරු ආහාර ඒජන්සිය (SFA) ඊයේ (ජනවාරි 30) නියෝග කරන ලද්දේ Dumex Dulac Stage 1 සහ Dulac Stage 2 යන නිෂ්පාදනයන් වහාම වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙසයි. මෙය ජනවාරි මාසය තුළ සිංගප්පූරුවේ සිදුකළ තෙවන ඉවත් කර ගැනීමයි. සිංගප්පූරු බලධාරීන් පවසන්නේ මේ වන විට එම විෂ ද්‍රව්‍යයට නිරාවරණය වීම නිසා රෝග ලක්ෂණ පෙන්වූ දරුවන් තිදෙනෙකු වාර්තා වී ඇති බවයි.
යුරෝපය කැළඹූ ඩැනෝන් (Danone) සමාගමේ තීරණය :
ලොව ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන සමාගමක් වන ඩැනෝන් (Danone), අයර්ලන්තයේ නිෂ්පාදිත සිය ළදරු කිරි පිටි තොග යුරෝපය පුරා වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. අයර්ලන්ත ආහාර සුරක්ෂිතතා අධිකාරිය (FSAI) සඳහන් කරන්නේ Aptamil, Nutrilion, Cow & Gate යන සන්නාම මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි. මූලික විමර්ශනවලට අනුව, මෙම කිරි පිටි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ARA oil නම් අමුද්‍රව්‍යය සීරියුලයිඩ්වලින් දූෂිතව ඇත. මෙම තෙල් වර්ගය චීනයේ නිෂ්පාදිත එකක් බවයි අනාවරණයව ඇත්තේ.
සීරියුලයිඩ් (Cereulide) විෂ යනු ;
සීරියුලයිඩ් යනු Bacillus cereus නම් බැක්ටීරියාව මගින් නිපදවන විෂ ද්‍රව්‍යයකි. මෙය ශරීරගත වීමෙන් ඔක්කාරය සහ වමනය, බඩේ කැක්කුම සහ අතීසාරය යන රෝග ලක්ෂණ ඇති විය හැක. සාමාන්‍යයෙන් කිරි පානය කර විනාඩි 30ක් සහ පැය 6ක් අතර කාලයකදී මෙම ලක්ෂණ මතු වන අතර, පැය 24ක් ඇතුළත සුව වන බව සඳහන්. කෙසේ වෙතත්, ප්‍රතිශක්තීකරණය අඩු දරුවන්ට මින් බරපතල සංකූලතා ඇති විය හැකි බැවින් බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.
ආර්ථික බලපෑම සහ සමාගම්වල පාඩුව :
මෙම තත්ත්වයත් සමඟ ඩැනෝන් සමාගමේ කොටස් මිල 8.3% කින් පමණ පහත වැටී ඇති අතර, මෙය 2025 පෙබරවාරි මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ද වේ. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් අදාළ සමාගම්වලට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික පාඩුවක් සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..