News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන ඒමට නියමිත, දරුවන්ට මෙන්ම සමස්ථ අධ්‍යාපනයටත් නුසුදුසු ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ඒවා මඟින් මෙරට දරු පරපුරට මෙන්ම ගුරුවරුන්ටත් මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව සහ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ක්‍රියාත්මක අධ්‍යාපන සිපයිකරණය වහා හකුලා ගැනීමට බල කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහය පිළිබඳව දැනුවත් කිරීමටත්, දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ අද (11) ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක,අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක එම අර්බුධය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් එම පිළිගන්නා වෙනස මෙය නොවන බව මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි පවසති.

ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ආදර්ශමත් අධිරාජ්‍යවිරෝධියෙකි. එලෙසම අධිරාජ්‍යවිරෝධී ජාතික මතවාදය තුළ සිටින ප්‍රායෝගික සටන් සගයෙකි. අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ සැබෑ ගුරුවරයෙකි. තම ජීවන අත්දැකීම් නිවැරැදිව විග්‍රහ කරගෙන අධිරාජ්‍යවිරෝධී මාවත තම පෞද්ගලික ජීවිතයටද දේශපාලන ජීවිතයටද එක් කරගත් ඒ මහතා ලංකා ලීඩර් වෙබ් අඩවියේ වීඩියෝ කවුළුවට දැක්වූ අදහස් අප පාඨකයාගේ බුද්ධිමය නිම් වලලු පුළුල් කරනු පිණිස මෙසේ සලකුණු කරමු.

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර එරට නීත්‍යානූකූල ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වුනු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ එම සිදුවීම පිටුපස ඇති සත්‍ය සිදුවීම ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවලට අනුව මාධ්‍ය මගින් වෙනසකට ලක්කරන බවයි.

ආණ්ඩුව විසින් කඩිමුඩියේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙරට දරු පරපුර විනාශයට පත් කරමින් සිදු කරන කාර්යට එරෙහිව සඳුදා (12) පෙරවරු 9:00 ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ බහුජන සංවිධානයේ කැඳවුම්කරු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

වලිකාමම් (දකුණ) ප්‍රාදේශීය සභාව විසින් 2026.01.08 වන දින. චුන්නාකම් හන්දියේ සිට කන්දරෝඩයි ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් වන , පුරාණ බෞද්ධ විහාර පිහිටා ඇති කන්දරෝඩයි ප්‍රදේශයට මග දැක්වෙන නාම පුවරු ඉවත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සර්වජන බලය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

දීර්ග කාලීනව වෙනිසියුලාවේ ආණ්ඩු යටත් කර ගැනීම, පාලනය කිරීම හෝ පලවා හැරීම සඳහා වන ඇමෙරිකාහු උවමනාව ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් මත රඳා පවතින බව පැහැදිලි සත්‍යයකි. පළමුවැන්න, වෙනිසියුලාව සතු මහා ඛනිජ සම්පත් පාලනය කිරීමේ උවමනාව වන අතර දෙවැන්න, වෙනිසියුලාවේ බිහි වූ ඇමරිකානු විරෝධී වාමාංශික පාලකයින්ගේ පෞරුෂය සහ දේශපාලන තේරීම් තුළ කලාපයේ ඇමරිකානු උවමනාවන් අනතුරට පත්වීමය. විශේෂයෙන්ම ස්පාඤ්ඤ යටත්විජිතපාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් කළ නිදහස් සටතේ පියා ලෙස සැලකෙන සයිමන් බොලිවර්ගේ අධ්‍යාත්මය තුළින් උපත ලැබූ ප්‍රබල වාමාංශික නායකයෙකු වූ හියුගෝ චාවේස් 1999 දී බලය ලබා ගැනීමෙන් පසුව ඇමරිකානු සමාගම් සතු වූ මහා ඛනිජ සම්පත් නැවත වෙහි සියුලානු ජනතාව සතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඇමෙරිකානු ප්‍රතිප්‍රහාරය වඩා දරුණු විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට පලපුරුද්දක් නැතැයි අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ කියා සිටිති.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු කරන වෙනස්කම් හැකිලීමට කවුරුන් උත්සාහ කළත් එහි වෙනසක් සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(9) පැවසීය.


දේශීය පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.